Home » ටැන්සානියාවට ඇති වූ ගංවතුරින් පුද්ගලයින් 155 ක් මරුට

ටැන්සානියාවට ඇති වූ ගංවතුරින් පුද්ගලයින් 155 ක් මරුට

by yasara
April 26, 2024 10:29 am 0 comment

ටැන්සානියාවේ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 155 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 236 ක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි

එරට බොහෝ ප්‍රදේශවල දින කිහිපයක සිට පවතින දැඩි සුළං ගංවතුර හා නායයෑම් හේතුවෙන් පීඩාවට පත්ව ඇති පුද්ගලයින් ගණන ලක්ෂ 2කට අධික බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම ආපදා තත්වය හේතුවෙන් නිවාස 10,000කට වැඩි සංඛ්‍යාවකට ඉන් හානි සිදුවී තිබෙයි

මෙම ගං වතුර තත්වය අසල්වැසි කෙන්යාවට ද බලපා ඇති අතර කෙන්යාවේද පුද්ගලයන් 32 දෙනෙකු මිය ගොස් තිබෙයි

මේ හේතුවෙන් කෙන්යාවේ පීඩාවට පත්ව ඇති පුද්ගලයින් ගණන එක් ලක්ෂ තුන්දහස් පන්සියයක් බවයි වාර්තා වෙයි

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT