Thursday, May 9, 2024
Home » ඝාතන තැත ගැන කොටුව මහේස්ත්‍රාත්ගෙන් ප්‍රකාශයක් ගනී

ඝාතන තැත ගැන කොටුව මහේස්ත්‍රාත්ගෙන් ප්‍රකාශයක් ගනී

by mahesh
March 29, 2024 1:00 am 0 comment

නාඳුනන තුවක්කුකරුවකු විසින් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආරම්භ කළ විමර්ශනයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මහේස්ත්‍රාත්වරයාගෙන් ප්‍රකාශයක් පෙරේදා (27) ලබාගෙන තිබේ. පැය භාගයකට ආසන්න කාලයක් මෙසේ ප්‍රකාශ ලබාගෙන ඇති අතර ඒ කාලය තුළ අධිකරණ පරිශ්‍රය අවට බුද්ධි අංශ නිලධාරින් ද යොදවා තිබිණි.

ඝාතනය කිරීමේ සූදානම පිළිබඳ තොරතුරු ඇතුළත් ලිපිය යොමු කළ ඔත්තුකරුට ගිනි අවිය ඉල්ලා සිටි පුද්ගලයා විසින් ලබා දුන් ඇමතුම්වලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විමර්ශන ආරම්භ කර ඇත. එමෙන්ම මහේස්ත්‍රාත්වරයා විසින්

යොමු කළ බව හැඟවෙන පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊමේල් පණිවිඩ යොමු කළ ව්‍යාජ විද්‍යුත් ලිපිනයක් ගැන ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර තිබේ.

නාඳුනන තුවක්කුකරුවකු විසින් ගිනි අවියකින් ප්‍රහාරයක් එල්ල කර මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඝාතනය කිරීමට සූදානම් කර තිබූ බවට වන තොරතුරක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

මෙම සිද්ධියෙන් පසුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ ආරක්ෂාව තර කර ඇති බව අධිකරණ ආරංචි මාර්ග පැවැසීය.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT