Home » ශ්‍රී ලංකා බාස්කට්බෝල් පිල කොරියාව පරදා අපරාජිත වෙයි

ශ්‍රී ලංකා බාස්කට්බෝල් පිල කොරියාව පරදා අපරාජිත වෙයි

by mahesh
March 29, 2024 1:00 am 0 comment

ආසියානු බාස්කට්බෝල් සංගමය සංවිධාන කරන ක්‍රීඩකයන් තිදෙනකුගේ කණ්ඩායම් අතර, ආසියානු කුසලාන බාස්කට්බෝල් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල විසින් ඊයේ දකුණු කොරියාව ලකුණු 21-19ක් ලෙස පරාජය කොට අපරාජිතව මූලික වටයට (Preliminary round) සුදුසුකම් ලබා ගත්තේය. එම තරග වටයේදී මොන්ගෝලියාව හා තායිලන්තය සමඟ ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිතය.

කොරියාවට එරෙහි තරගයේදී රුක්ෂාන් අතපත්තු ලකුණු 13ක්, පවන් ගමගේ ලකුණු 4ක්, දසුන් නිලන්ත මෙන්ඩිස් ලකුණු 3ක් හා සිම්රොන් යෝගනාතන් ලකුණක් ශ්‍රී ලංකා බාස්කට්බෝල් පිලට එක් කළහ. ශ්‍රී ලංකා පිල මේ තරගාවලියේ පෙරේදා පළමු දිනයේදී ඉන්දුනීසියානු කණ්ඩායම ලකුණු 21-14කින් හා මරියානා දූපත් පිල ලකුණු 21-13කින් පරාජයට පත් කළේය. රටවල් 23ක් සහභාගිවන මේ තරගාවලියේ අවසන් මහා තරගය මේ ඉරිදා (31) සිංගප්පූරු ක්‍රීඩා සංකීරණයේදී පැවැත්වේ.

ප්‍රින්ස් ගුණසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT