ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධාන කරන අන්තර් පාසල් අවුරුදු 19න් පහළ පළමු කොටස ටියර් ‘බී’ දෙදින ක්‍රිකට් තරගාවලියේ කොළඹ ලුම්බිණි සහ කොළඹ තර්ස්ටන් විදුහල අතර අවසන් පූර්ව තරගය හෙට (30) සහ අනිද්දා (31) කොළඹ නාලන්දා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
පළමු වටයේදී එක්ස් කාණ්ඩයේ ශූරයන් වෙමින් අර්ධ අවසන් පූර්ව වටයට පිවිසි ලුම්බිණි විදුහල එම වටයේදී මොරටු විද්‍යාලය පරදවමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
තර්ස්ටන් විද්‍යාලය පළමු වටයේදී තම එක්ස් කාණ්ඩයේ තෙවැනි ස්ථානයට පත්වෙමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලද අතර, එහිදී ගාල්ල මහින්ද විද්‍යාලය පරදවමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
සහන් කෞශල්‍ය ලුම්බිණි විද්‍යාල පිල මෙහෙයවන අතර, ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ක්‍රීඩක විහස් තෙව්මික තර්ස්ටන් පිල මෙහෙයවනු ලබයි.
ලුම්බිණි විද්‍යාලයීය සංචිතය: සහන් කෞශල්‍ය (නායක), ගිහාන් ලක්ෂිත, නිසල් මධුෂාන්, බිනුජ ප්‍රමෝද්‍ය, දිනිත ප්‍රභංක, අශාන් ශනිල්ක, උෂාන් සත්සර, යුරාන් සන්දික, ප්‍රවීන් මනීෂ, යශෝද් කවිඳු, විශ්ව බණ්ඩාර, සුභාෂිත් දිනුදික, ජනිඳු ළහිරු, නබීල් රාජුඩීන්, බිම්සර වීරසිංහ, දුමිඳු සෙව්මිණ, ඉෂාත් ඩිල්ෂාන්, බාසික සෙත්මිණ, පසිඳු මනීෂ, දිනාල් සෙව්මිණ, පණ්ඩුක ද සිල්වා මහතා (කණ්ඩායම් භාර ආචාර්ය), දිනේෂ් වීරසිංහ මහතා (ප්‍රධාන පුහුණුකරු), ලලංග රාජපක්ෂ මහතා (සහාය පුහුණුකරු)
තර්ස්ටන් විද්‍යාලයීය සංචිතය: විහස් තෙව්මික (නායක), නවිඳු ප්‍රනාන්දු (උපනායක), ශානික්‍ය දේශප්‍රිය, තනුග පලිහවඩන, ටනුජ රාජපක්ෂ, විශ්ව ධනංජය, ටලීෂ නානායක්කාර, ගගන පෙරේරා, ඩිනාල් ඉඳුවර, යොවුන් ශිල්ප, රචින්ත ද සිල්වා, සෙත්රු ප්‍රනාන්දු, මුලිත ද කොස්තා, හරිත් ශාලක, පැතුම් ධනංජය, ආදිත්‍ය සත්මිණ, ඩබ්ලිව්.ඒ.එස්. ප්‍රියදර්ශන මහතා (කණ්ඩායම් භාර ආචාර්ය), සුනෙත් ගුණතිලක මහතා (ප්‍රධාන පුහුණුකරු), රුසිරු මුණසිංහ මහතා (සහාය පුහුණුකරු). දුල්ෂාන් ඇල්වලගේ මහතා (සහාය පුහුණුකරු)
ඉෂානි යද්දෙහි