Saturday, April 27, 2024
Home » ජනාධිපතිවරණයක් පැවැත්වීමෙන් ස්ථාවර ආණ්ඩුවක් ඇති කරගත හැකියි

ජනාධිපතිවරණයක් පැවැත්වීමෙන් ස්ථාවර ආණ්ඩුවක් ඇති කරගත හැකියි

by mahesh
March 29, 2024 1:00 am 0 comment

රට ගොඩ ගැනීමට නම් පාර්ලිමේන්තු මැතිවරණයට පෙර ජනාධිපතිවරණයක් පැවැත් වීම කාලෝචිත බවත් රට ගොඩගත හැක්කේ ස්ථාවර ආණ්ඩුවක් තුළින් පමණක් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ඇමැති ප්‍රසන්න රණතුංග මහතා මේ බව පැවසුවේ ඊයේ(28) නෙළුම් මාවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේ දීය.

ඇමැතිවරයා මෙසේද පැවසීය.

මේ මොහොතේ පාර්ලිමේන්තු මැතිවරණයකින් රටේ ස්ථාවර ආණ්ඩුවක් ඇති වෙන්පනේ නැහැ.

රට මුහුණ දෙන තත්ත්වයෙන් ගොඩගැනීමට නම් ස්ථාවර ආණ්ඩුවක් පත් විය යුතුයි. එය පත් කර ගත හැක්කේ ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමෙන් පමණයි.

ගෝඨාභය ජනාධිපතිවරයාගේ කාලයේ අස්ථාවර වූ රට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා යළි ස්ථාවර කළා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට යළි අවස්ථාවක් ලබා දිය යුතුයි. මේ මොහොතේ ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීම සඳහා පොහොට්ටුවට සුදුසු අපේක්ෂකයෙක් නැහැ.

පොහොට්ටුවේ ජාතික සංවිධායක ධූරයේ බැසිල් රාජපක්ෂ මහතා සිටියා නම් වඩාත් හොඳයි. එමෙන්ම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා තවත් කල් තිබෙනවා.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT