Sunday, May 5, 2024
Home » පොලිසියට කළ යුතු ප්‍රකාශ මාධ්‍යට කියන මෛත්‍රී අත්අඩංගුවට ගන්න ඕනෑ – මන්ත්‍රී උදය ගම්මන්පිල

පොලිසියට කළ යුතු ප්‍රකාශ මාධ්‍යට කියන මෛත්‍රී අත්අඩංගුවට ගන්න ඕනෑ – මන්ත්‍රී උදය ගම්මන්පිල

by sachintha
April 26, 2024 1:28 am 0 comment

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පොලිසියට සිදු කළ යුතු ප්‍රකාශ මාධ්‍ය ඉදිරියේ සිදු කරමින් ජාතික ආරක්ෂාව විහිළුවට ගෙන කටයුතු කරන හිටපු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මහතා අත්අඩංගුවට ගත යුතු යැයි යෝජනා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයට ඊයේ (25) එක් වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා:

“හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහමොළකරුවන් ගැන, මේ ප්‍රහාරය පිටුපස ඉන්න පුද්ගලයන් ගැන දන්නවා කියා ප්‍රකාශක් කළා. පොලිසියට කරන්න ඕනෑ ප්‍රකාශය මාධ්‍යයට කළා. එතුමා ප්‍රකාශයක් ලබා දීලා තියෙනවා, අපිට ලැබිලා තියෙන නොනිල තොරතුරු අනුව මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශයේ තියෙන්නේ බොරු. ඒ කියන කරුණු අසත්‍යයි කියලා තහවුරු වෙලා තියෙනවා. මේ හිටපු ජනාධිපතිවරයෙක්, ජාතික ආරක්ෂාව විහිලුවට අරගෙන. මේ රටේ ජනතාව විහිළුවට අරගෙන. රටේ පොලීසිය විහිළුවට අරගෙන. මෙවැනි වගකීම් විරහිත ප්‍රකාශ කරමින් රට තුළ ප්‍රශ්න ඇති කරන පුද්ගලයන් අත්අඩංගුවට ගත යුතුයි කියලා යෝජනා කරනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT