Sunday, May 5, 2024
Home » ප්‍රහාරයට උදවු කළ පිරිස් සොයා ඒ පිරිසට දඬුවම් කළ යුතුයි – මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා

ප්‍රහාරයට උදවු කළ පිරිස් සොයා ඒ පිරිසට දඬුවම් කළ යුතුයි – මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා

by sachintha
April 26, 2024 1:27 am 0 comment

පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ හා එයට උදවු කළ පිරිස් සොයා බලා එම පිරිසට දඬුවම් කළ යුතු බව කුරුණෑගල දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේදී ඊයේ (25) පැවති පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදයට එක් වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා:

“පාස්කු දින ප්‍රහාරයට උදව් කරපු අය සොයා බලා ඒ අයට දඬුවම් දිය යුතුයි. මේ සම්බන්ධයෙන් පත් කළ කොමිෂන් සභා වාර්තාවල කළ යුතු දේ කුමක්ද කියලා තිබෙනවා. ඒ සමහර දේවල් කරලා තියනවා. සමහර දේවල් කරලා නෑ.මේ සම්බන්ධයෙන් තොරතුරු තිබෙද්දිත් ඇයි ආරක්ෂක අංශ මේ ගැන පියවර ගන්නෙ නැත්තේ? මම මේ ගැන දේශපාලනිකව බලන් නෑ. අපේ රජයන් පසුගිය කාලයේ හැසිරුණු ආකාරය ගැන කනගාටුයි. අපි දිගින් දිගටම කිවුවා. ඔත්තු සේවා අකර්මණ්‍ය කරන්න එපා කියලා. රෝ එකට, මොසාඩ් එකට සමාන ඔත්තු සේවයක් අපට තිබ්බා. එහෙත් ඒ ඔත්තු සේවා බිඳවැටුණා. ඒ නිසා මේ වගේ ප්‍රහාරයක් සිදු වුණා. මේ වගේ දේවල් අදත් වෙන්න පුළුවන්. ඒ නිසා රාජ්‍ය ඔත්තු සේවා නැවත බලාත්මක කරන්න කියා අප ඉල්ලනවා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT