Sunday, May 5, 2024
Home » රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යූහගත කරන්නේ ඒ ඒ ආයතනවලට අදාළ හේතු මතයි – රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය

රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යූහගත කරන්නේ ඒ ඒ ආයතනවලට අදාළ හේතු මතයි – රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය

by sachintha
April 26, 2024 1:26 am 0 comment

රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යූහගත කරන්නේ ඒ ඒ ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමට අදාළව හඳුනාගත් සුවිශේෂ හේතු මත බවත්, මේ ක්‍රියාවලියේ ප්‍රධාන අරමුණ රජයේ නිශ්චිත නියාමනයක් පවත්වාගනිමින් නිශ්චිත බදු මුදල් අය කරගනිමින් එම ආයතන සම්බන්ධයෙන් රජයේ බර අඩු කර වඩාත් පුළුල් ප්‍රතිපත්ති රාමුවක් තුළ එම ආයතනවල ව්‍යවසායකත්ව කටයුතු පෞද්ගලික අංශයට පැවරීම බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) ප්‍රකාශ කළේය.

ලාභ ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නැඟූ පැනයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය. ඇතැම් රාජ්‍ය ව්‍යාපාර නිසි ප්‍රතිපත්ති රාමුවක් තුළ සහ ව්‍යවසායකත්වයක් තුළ ක්‍රියාත්මක නොවීම නිසා වසරකට රුපියල් බිලියන 500කට ආසන්න අලාභ රටේ ජනතාව මත බදු බර ලෙස පැටවී ඇති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ආර්ථික වශයෙන් ධනාත්මක ගමනකට අවතීර්ණව සිටින මෙවන් මොහොතක ඊට සාමූහිකව සහාය වනු වෙනුවට මෙතෙක් සිදු නොකළ දේ ගැන එකිනෙකාට ඇඟිලි දිගු කර ගැනීමෙන් ඵලක් නොවන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT