Sunday, May 5, 2024
Home » රජයේ පාසල්වල ගරු-විදුහල්පති වැටුප් විෂමතා ගැටලු‍වක් තිබෙනවා – සභානායක, ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත

රජයේ පාසල්වල ගරු-විදුහල්පති වැටුප් විෂමතා ගැටලු‍වක් තිබෙනවා – සභානායක, ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත

by sachintha
April 26, 2024 1:25 am 0 comment

රජයේ පාසල්වල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ගැටලු‍වක් තිබෙන බව සභානායක, අධ්‍යාපන ඇමැති ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) පැවසීය.

1995 වසරේ සිට මේ විෂමතාව වසර 29ක් තිස්සේ පවතින අතර, මේ ගැටලුව එක රජයක් යටතේ ඇති වූ ගැටලුවක් නොවන බවත් කිසිදු රජයක් මේ ගැටලුව විසඳීමට පියවර ගෙන නැති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 27(2) යටතේ ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

ගුරු ව්‍යවස්ථාව අභිබවීමට නොහැකි බවත්, රාජ්‍ය සේවා කොමිෂන් සභාව ගුරු ව්‍යවස්ථාව අබිබවීමට අවස්ථාව නොදෙන බවත් ඇමැතිවරයා කීය. ගුරු හා විදුහල්පති සේවාව සංවෘත සේවාවක් කළ යුතු බවට ඇමැති අනුකමිටුවෙන් නිර්දේශ කර ඇති බවත්, එසේ කළ හොත් මේ ගැටලුව යම් තරමකට හෝ සමනය කළ හැකි බවත් ඇමැතිවරයා පැවසීය. ගුරු විදුහල්පතිවරුන්ගේ පමණක් වැටුප් වැඩි කිරීමක් සිදු වුව හොත් එය සමස්ත රාජ්‍ය සේවාවටම ගැටලුවක් වන බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT