Sunday, May 5, 2024
Home » පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන්ට සැලකිය යුතු වන්දි මුදලක් දිය යුතුයි – මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන්ට සැලකිය යුතු වන්දි මුදලක් දිය යුතුයි – මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න

by sachintha
April 26, 2024 1:24 am 0 comment

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් අගතියට පත් වූවන්ට සෑහීමකට පත් විය හැකි වන්දි මුදලක් ප්‍රදානය කළ යුතු බව සමඟි ජන බලවේගයේ පත් කළ මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (25) පැවසීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැති විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

මන්ත්‍රීවරයා මෙසේද පැවසීය:

“ශක්තිය හා යුක්තිය අප සොයා යා යුතුයි. කරුණු වසන් කිරීමක් මෙහි තිබෙනවා. ඒක මුල සිටම තිබෙන දෙයක්. මේ සිද්ධියට සම්බන්ධ නැති අයත් පැටලවීමට උත්සාහ කරන්න හැදුවා. එක පාරක් රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගත්තා. තවත් වරක් ඔහුගේ සහෝදරයකු වන රියාඩ් බදියුදීන්වත් අත්අඩංගුවට ගත්තා. හිතලා බලන්න කරන මේ අපරාධය. එදා කළ වැඩ මේ. ඊට පසු හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගත්තා. ඔහු තරුණ ප්‍රසිද්ධ නීතිඥවරයෙක්. මේ සිද්ධිය සම්බන්ධයෙන් බොහෝ චෝදනාවන් තිබෙනවා. වත්මන් පොලිස්පතිවරයාටත් මේ සම්බන්ධයෙන් චෝදනා තිබෙනවා. පාස්කු ප්‍රහාරය වැළැක්වීමට නොහැකි වීම නිසා තීන්දු දී තිබෙනවා. අධිකරණයෙන් කිහිප දෙනකු මේ වැළැක්වීම නොකළ බවට නම් කරන්න පවා කටයුතු කළා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT