Monday, May 6, 2024
Home » ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු දුන් ඉන්දියාවට ඇඟිල්ල දිගු කර පලක් නෑ -විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල

ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු දුන් ඉන්දියාවට ඇඟිල්ල දිගු කර පලක් නෑ -විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල

by sachintha
April 26, 2024 1:24 am 0 comment

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු දුන් ඉන්දියාවට ඇඟිල්ල දිගු කිරීමෙන් පලක් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (25) ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සභාව කල් තබන අවස්ථාවේ විවාදයට ඊයේ (25) එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙසේද පැවසීය:

“කාදිනල් මැල්කම් රංජිත් මැතිතුමා ප්‍රකාශයක් කළා තිබ්බ ආණ්ඩුව වගේම මේ ආණ්ඩුවත් ඇත්ත හංගන්නයි හදන්නේ කියලා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වූවාට පසු දින මට කතා කළා කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න බෑ කියලා මට කිව්වා. යහපාලන රජය සමයේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කොමිසමක් පත් කළා. වාර්තාව නිකුත් වූ පසු කාදිනල්තුමා හිටපු ජනාධිපතිවරයාට කතා කළාම කියනවා ඒ වාර්තාව ක්‍රියාත්මක කරන්න බෑ කියලා. මේ කතාවෙන් පේනවා පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් වෙන්නේ නැති බව. මොකද: තාම ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ගෝලයෝ. කාදිනල් තුමා ඒ නිසයි කියන්නේ ජිනීවා යනවා කියලා. ජිනීවා යන එක අපේ රටට විශාල අපකීර්තියක්. මොකද: දැනටමත් ජිනීවාවල අපේ රටේ යුද අවසන් සමයේ සිදු වුණා යැයි කියන මානව හිමිකම් උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙනවා. හුඟක් අය හිතන් ඉන්නේ මේක අමතක වෙලා කියලා. එය අස්සේ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් පරීක්ෂණයක් පටන් ගත්තොත් ඒක අපට තවත් ප්‍රශ්නයක්.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT