Saturday, April 27, 2024
Home » විදුලිය නැවත සන්ධි කිරීමේ ගාස්තුව අඩු කරන්නැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය විරෝධතාවක

විදුලිය නැවත සන්ධි කිරීමේ ගාස්තුව අඩු කරන්නැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය විරෝධතාවක

by mahesh
March 29, 2024 1:00 am 0 comment

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය සහ ජාතික සිවිල් සංවිධාන පෙරමුණ විසින් විදුලිය සන්ධි කිරීමේ ගාස්තු අඩු කරන ලෙස ඉල්ලා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඉදිරිපිටදී සාමකාමී උද්ඝෝෂණයක් පවත්වන ලදි.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් විදුලි බිල 21.9%කින් අඩු කිරීමට පෙර, කොමිෂන් සභාවේ සභාපතිවරයා පවසා ඇත්තේ විදුලිය විසන්ධි කර, පසුව නැවත සන්ධි කිරීමේ ගාස්තු ලෙස ඇති රුපියල් 3000ක මුදල රුපියල් 800ක් දක්වා අඩු කරන බවයි. එහෙත් විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ විරෝධතාකරුවන් ප්‍රකාශ කර සිටින්නේ මේ වන තෙක් එම මුදල රුපියල් 800 දක්වා අඩු කර නොමැති බවයි.

විරෝධතාකරුවන් කියා සිටියේ රජයෙන් විදුලිය මිල දී ගෙන බෙදාහරින පෞද්ගලික ආයතනයක් වන ලෙකෝ ආයතනය, විදුලිය නැවත සන්ධි කිරීමේ ගාස්තුව වශයෙන් රුපියල් 500ක මුදලක් පමණක් අය කර ගන්නා බවත්, විදුලිය නිෂ්පාදනය කරන රජයට එම මුදල අඩු කිරීමට නොහැකි වන්නේ ඇයි ද යන්න ඔවුන්ගේ ප්‍රධාන ගැටලුව බවත්ය.

විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ විරෝධතාකරුවන් වැඩිදුරටත් පවසා සිටියේ, විදුලිය විසන්ධි කර නැවත සන්ධි කිරීමේ ගාස්තුව වන රුපියල් 3000ක මුදල රුපියල් 800 දක්වා අඩු වූ විට ආයතනයේ පරිපාලනයේ සිටින ආයතන බලධරයන්ට ලැබෙන කොමිස් මුදල නොලැබෙන නිසා, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිලධාරීන් මෙම ගාස්තුව අඩු කිරීමේ කාරණය මඟහරින බවයි.

මෙහිදී මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඉදිරිපිටදී විරෝධතාකරුවන් විසින් වීදි නාට්‍යයක් ආකාරයෙන් වෙස් මුහුණු පැලඳ ගනිමින් එම කරුණ පිළිබඳව රඟ දක්වන ලදි.

ගල්කිස්ස - ෂෙහාන් ජයවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT