Home » මාස කිහි­ප­ය­කට උඩදී කොල්ල­කන ලද රන් බඩුත් සමඟ තිදෙ­නෙක් කොටු කර­ගැනෙති

මාස කිහි­ප­ය­කට උඩදී කොල්ල­කන ලද රන් බඩුත් සමඟ තිදෙ­නෙක් කොටු කර­ගැනෙති

by damith
April 27, 2024 1:20 am 0 comment

අම්පාර පොලිස් බල ප්‍රදේ­ශය තුළ මාස කිහි­ප­ය­කට පෙර කරන ලද මංකොල්ල කෑම්ව­ලට අවශ්‍ය සැක­ක­රු­වන් තිදෙ­නෙක් අම්පාර මූල­ස්ථාන පොලි­සියේ අප­රාධ විම­ර්ශන අංශයේ නිල­ධා­රීන් විසින් මහත් වෙහෙ­සක් ගෙන අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

2024.01.26 වෙනි දින අම්පාර නග­රයේ ගුණ­සිරි බේක­රියේ නිව­සට පැන එහි හිමි­ක­රු­වන් බිය ගන්වා 565,000ක රත්ත­රන් බඩු සොර­කම් කර ඇති අතර 2024.03.05 වෙනි දින අම්පාර සාම චෛත්‍යය අසල නිව­ස­කට පැන වය­සක මව­කගේ ගෙල තිබූ රන් මාලය පැහැ­ර­ගෙන ගොස් තිබේ.

මෙම සොර­කම් දෙකම සැල­සුම් සහ­ගත ලෙස සිදු­කර ඇති අතර පුද්ග­ලික ඔත්තු­ක­රු­වෙ­කු­ගෙන් ලද තොර­තු­ර­කට අනුව අම්පාර මූල­ස්ථාන පොලි­සියේ අප­රාධ විම­ර්ශන අංශයේ ස්ථානා­ධි­පති උපුල් කුමා­රගේ මහතා විසින් මෙම පරී­ක්ෂණ කට­යුතු පිළි­බ­ඳව දැඩි අව­ධා­නය යොමු­කර පරී­ක්ෂණ පවත්වා ඇති අතර එහිදී අම්පාර ගුණ­සිරි හෝට­ලයේ නි‍ෙව­සින් පැහැ­ර­ගත් රත්ත­රන් වළ­ල්ලක් කඩු­වෙල ප්‍රදේ­ශයේ පෞද්ග­ලික උකස් ආය­ත­න­යක උකස් කර තිබි­යදි සොයා ගෙන තිබේ. මේ පිළි­බ­ඳව තව­දු­ර­ටත් විම­ර්ශ­නය කිරී­මේදී අම්පාර මූල­ස්ථාන පොලි­සියේ සේවය කර සේවය අහි­මිවූ පොලිස් රියැ­දු­රෙකු ලෙස කට­යුතු කළ නිල­ධා­රි­යෙක් මෙම සොර­කමේ මහ­මො­ළ­කරු වශ­යෙන් කට­යුතු කර ඇති බවට අප­රාධ විම­ර්ශන අංශයේ නිල­ධා­රින්ට තොර­තුරු ලැබුණු අතර පසුව පොලිස් නිල­ධා­රින් විසින් ඔහු අත්අ­ඩං­ගු­වට ගනු ලැබීය.

ඔහු­ගෙන් කරන ලද ප්‍රශ්න කිරී­ම්ව­ලදි මෙම සොර­කම සම්බ­න්ධව තවත් සැක­රු­වන් දෙදෙ­නෙක් අත්අ­ඩං­ගු­වට ගැනී­මට පොලිස් නිල­ධා­රින්ට හැකිව තිබේ. ඉන් එක් සැක­ක­රු­වෙක් අම්පාර මිහි­ඳු­පුර ප්‍රද්ශයේ පදිං­චි­ක­රු­වෙක් වන අතර අනෙක් සැක­කරු අම්පාර නාම­ල්ඔය පදිං­චි­ක­රු­වෙකි. අත්අ­ඩං­ගු­වට ගත් මෙම සැක­ක­රු­වන් ප්‍රශ්න කිරී­ම්ව­ලදී 2024.03.05 වෙනි දින අම්පාර සාම චෛත්‍යය අසල නි‍ෙව­ස­කට පැන වය­සක මව­කගේ ගෙල තිබූ රන් මාලය පැහැ­ර­ගෙන ගියේ තමන් බවද සැක­ක­රු­වන් දෙදෙ­නෙකු පවසා තිබේ. ඒ අනුව ඔවුන් විසින් එම මාලය කල්මුණේ ප්‍රදේ­ශයේ රත්ත­රන් බඩු අලෙවි හල­කට රුපි­යල් 63,000කට විකුණා ඇති අතර එම ව්‍යාපා­රි­ක­යින් එම රත්ත­රන් උණු­කර භාණ්ඩ සකස් කිරී­මට සූදා­නම් කර තිබේ.

පසුව උණු කරන ලද රත්ත­ර­න්ව­ලින් මාලයේ බරට රත්ත­රන් පොලි­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. මෙම රන්භාණ්ඩ එම රත්ත­රන් බඩු වෙළෙඳ සලට විකු­ණන අව­ස්තාවේ වෙළෙඳ සලේ හිමි­කරු විසින් විකි­ණී­මට පැමිණි පුද්ග­ල­යින් දෙදෙ­නාගේ හැදු­නු­ම්පත් පිට­පත් රැගෙන ඇති අතර පොලි­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගත් පුද්ග­ල­යින් දෙදෙනා ඔවුන් දෙදෙනා බව තහ­වුරු කර­ගෙන තිබේ. පසුව මෙම සැක­ක­රු­වන් තිදෙනා අම්පාර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරි­මෙන් අන­තු­රුව අම්පාර මහේ­ස්ත්‍රාත් නයෝමි වික්‍ර­ම­සිංහ මහ­ත්මිය විසින් මෙම මස 30 වැනිදා දක්වා රක්ෂිත බන්ධ­නා­ගා­ර­ග­ත­කොට තිබේ.

දිගා­ම­ඩුල්ල විශේෂ - වසන්ත චන්ද්‍ර­පාල

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT