Wednesday, May 8, 2024
Home » 14 හැවි­රිදි දැරි­යක් ලිපි­යක් ලියා තබා මහ­ණ­වෙන්න ගිහින්

14 හැවි­රිදි දැරි­යක් ලිපි­යක් ලියා තබා මහ­ණ­වෙන්න ගිහින්

by damith
April 27, 2024 1:00 am 0 comment

තමන් මහ­න­වී­මට යන බව කියා ලිපි­යක් ලියා තැබූ වයස අවු­රුදු 14යි, මාස 06ක්වූ දැරි­යක් කිසි­වෙ­කු­ටත් නොදන්වා නිව­සින් පිටව ගොස් තිබීමේ සිද්ධි­යක් පිළි­බ­ඳව බේරු­වල පොලි­සිය පරී­ක්ෂණ පව­ත්වයි. බේරු­වල , වල­තර, දසා­ගම පදිං­චි­කා­රි­යක වන මෙම දැරිය පෙරේදා (25) සවස 4.00ට පමණ නිව­සින් පිටව ගොස් ඇති බව කිය­මින් ඇගේ මව පොලි­සි­යට පැමි­ණිලි කොට තිබේ. බේරු­වල පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ලලිත් පද්ම­කු­මාර මහ­තාගේ මෙහෙ­ය­වීම යටතේ මේ පිළි­බ­ඳව වැඩි­දුර පරී­ක්ෂණ පැවැත්වේ.

කළු­තර මධ්‍යම සමූහ සුනිල් ස්ටැන්ලි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT