Home » යළි පිබි­දෙමු රත්න­දීප

යළි පිබි­දෙමු රත්න­දීප

by damith
April 27, 2024 1:00 am 0 comment

ලෝකයේ ලොකුම මුඩුක්කු පෙළ ද සංචා­රක ආක­ර්ෂ­ණ­යක් බැවින්, දිරා­ගිය රට­කට වුවද සංචා­ර­ක­යන් ඇදෙ­නවා ඇත. පාකි­ස්තා­නයේ ඔරන්ජි මුඩු­ක්කුවේ ගෙවල් ලක්‍ෂ­යක් ඇත. එය පිහිටා ඇත්තේ කර­ච්චි­යේය. ලෝකයේ දෙවන විශා­ලම මුඩු­ක්කුව ඇත්තේ මැක්සි­කෝ­වේය. ඉන්දි­යාවේ මුම්බායි හි ඇති ධාරාවි මුඩු­ක්කුව ‘නම්බර් ත්‍රී’ය. එහි පරි­මාව අක්කර පන්සිය විස්සකි. ජන­ග­හ­නය මිලි­යන එකකි.

‘මුඩුක්කු සංචාර’ යනු ලෝක සංචා­රක විෂ­යට එකතු වූ නවීන සංක­ල්ප­යකි. දරි­ද්‍ර­තා­වයේ සැබෑ තත්ත්වය සියැ­සින් දැක බලා ගැනීම සඳහා සංචා­ර­කයෝ මෙසේ චූල ජනා­වාස කරා සේන්දු වෙත්. ධාරාවි මුඩුක්කු වෙත සංචා­ර­ක­යන් රැගෙන යන ආය­ත­න­යක් සිය වෙබ් අඩ­වියේ සට­හන් කර තිබුණේ, ‘ඉන්දි­යාවේ ජන­ප්‍රි­යම සංචා­රක අත්දැ­කීම’ එය බවය. ට්‍රිප් ඇඩ්ව­යි­සර් වෙබ් අඩ­විය උපුටා දක්ව­මින් ‘ටජ් මහ­ල­ටත් වඩා ධාරාවි ජන­ප්‍රිය’ බව ඔවුහු කියති. ප්‍රේමය පරදා දුප්ප­ත්කම සංචා­රක ආක­ර්ෂ­ණ­යක් වන්නේ කොල­නි­යන් චින්ත­නය නිසාය. එදා සිටම යුරෝ­පීයෝ සිතුවෝ, තමන් ආදි­පා­ද­වරු බවත් ආසි­යාව අප්‍රි­කාව සහ ලතින් අ‍ෙම­රි­කානු කලා­පයේ සිටින්නේ, සිය වහ­ල්ලුන් බවත්ය. මේ නිසා එම රට­වල දුප්ප­ත්කම නැර­ඹීම ද එක්තරා ආකා­ර­යක ත්‍රාස­ජ­නක සංචා­රක විෂ­යක් වී ඇත. එඩ්මන්ඩ් හිලරි 1953 මැයි 29දා එව­රස්ට් තර­ණය කළේය. ඒ සමඟ ඇඩ්වෙ­න්චර් ටුව­රි­සම් දෙසට ලෝකය නැමී යන්නට පටන් ගත්තේය.

1970 දශ­කයේ ඉති­යෝ­පි­යාවේ රැෆ්ටින් චාරිකා ආරම්භ විය. 1980 සමයේ නයිල් සංචාර හා කඳු තර­ණය සඳහා සංචා­ර­කයෝ යොමු වූහ. මේ ආකා­ර­යට වර්ධ­නය වූ ත්‍රාස­ජ­නක සංචාර අතරේ, මුඩුක්කු සංචාර ද යම් ත්‍රාස­ජ­නක අත්දැ­කී­මක් ලෙස මුල­දීද පසුව දුප්ප­ත්කම රස­වි­ඳීමේ ගුළා­වක් ලෙස ද සංචා­රක මඟ පෙන්වන පොතට එකතු විය. කොවිඩ් වසං­ග­ත­යෙන් පසුව බංකො­ලොත් වූ ආර්ථි­කය මත්තේ අප දිගින් දිග­ටම සිටියේ නම්, ගෝල්ෆේස් ආ ‘අර­ග­ල­ක­රු­වන්ගේ’ වසං­ග­තය සමඟ කාලය ගත කළේ නම්, මේ රටට සංචා­ර­ක­යෙක් එනු ඇත්තේ ධාරාවි මුඩු­ක්කුව බල­න්නට එනවා සේය. රටේ ආර්ථි­කය හිටි වන නැවතී, පෝලිම් පම­ණක් එකම වින්ද­නය වූ හෙයින්, ලෝකයේ දිගම ගෑස් පෝලිම, තෙල් පෝලිම ආදී සංචා­රක ආක­ර්ෂණ ගණ­නා­වක් අපට ද හිමි කර ගැනීමේ අව­ස්ථාව තිබිණි. ඒවා සුම්මා වී දැන් ආර්ථි­කය පිබිද එන්නේය. පුද්ග­ලික ණය හිමි­යන් සමඟ සාකච්ඡා කර­මින්, බංකො­ලො­ත්භා­ව­යෙන් මිදීම සඳහා දැන් රට සැර­සෙ­න්නේය. දින කිහි­ප­ය­කට පෙර උමා ඔය බහු­කාර්ය යෝජනා ක්‍රමය විවෘත විය.

ශ්‍රී ලංකාවේ ගිනි­කො­න­දිග වියළි කලා­පයේ, ජල හිඟය සම­නය සඳහා උමා ඔයේ ඇති ජලය ඝන මීටර් මිලි­යන 145ක් වස­ර­කට කිරිඳි ඔය ද්‍රෝණි­යට හැර­වීම මෙහි මුඛ්‍ය කට­යු­ත්තකි. මොන­රා­ගල දිස්ත්‍රි­ක්කයේ නව ඉඩම් හෙක්ට­යාර 4500කට පමණ සහ දැනට පව­තින කෘෂි­කා­ර්මික ඉඩම් හෙක්ට­යාර් 1500කට මේ නිසා වාරි ජලය සැප­යෙ­න්නේය. බදුල්ල, මොන­රා­ගල සහ හම්බ­න්තොට යන ප්‍රදේ­ශ­වල පානීය හා කාර්මික ජල අව­ශ්‍යතා සඳහා ජලය ඝන මීටර් මිලි­යන 39ක් උමා ඔයෙන් ලැබෙ­න්නේය. ජාතික විදු­ලි­බල පද්ධ­ති­යට ගිගා වොට් පැය 290ක නව විදුලි ධාරි­තා­වක් එකතු වන්නේය.

මේ තර­මට රටක් ලෙස කෙටි කාල­ය­කින් අප හිස ඔස­වන ලද්දේ, සංව­ර්ධන සැල­සුම සඳහා ආණ්ඩුව දරන ලද මහ­න්සිය නිසාය. බංකො­ලො­ත්භා­වය පතුලේ තමන්ගේ දේශ­පා­ලන නිධා­නය සැඟව ඇති බව දැන­ගත් සම­හරු මෙසේ රටේ ආර්ථි­කය වර්ධ­නය වන කල්හි, පොළොවේ පස් කනවා ඇත.

පෙරේදා සන්ධ්‍යාවේ ගාලු­මු­ව­‍දොර ඉදි­රි­පිට තවත් සුපිරි හෝට­ල­යක් විවෘත විය. රත්න­දීප යනු එම හෝට­ලය සඳහා ලබා දී ඇති නමය. ඉන්දීය අයි.ටී.සී. සමා­ගමේ ආයෝ­ජ­න­යක් ලෙස ඉදි කරන ලද මෙම හෝට­ලය සංචා­රක ක්ෂේත්‍රය සඳහා අපට මහඟු පිටි­ව­හ­ලක් වන්නේය.

දැන් මේ රටට එන සංචා­ර­කයා සඳහා ස්තර ගණ­නා­වක හෝටල් සූදා­නම්ය.

ආර්ථි­කය යළි නැඟී සිටි­නවා කියන්නේ මෙබඳු කට­යුතු සඳ­හාය. ගාලු­මු­ව­ෙදොර අසල ඇති යුද හමුදා කඳ­වුර ඉවත් කර එය බත්ත­ර­මුල්ල ප්‍රදේ­ශ­යට ගෙන යනවා කියූ සැණින්, සම­හරු ඒ ගැන කළ අසත්‍ය ප්‍රකාශ, කන්දක් බවට පත් කළේ නම්, ෂැංග්‍රි-ලා හෝට­ලය සහ අයි.ටී.සී. රත්න­දීප හෝට­ලය එක මත එක තැබු­වාට වඩා එම බොරු කන්ද විශාල වනු ඇත. ඒ මොහොතේ බේගල් දෙසන ලද්දේ, උමා ඔයට ‘හිලේ’ කතාව කියූ ලෙසය.

කොවිඩ් ආවේ නැති වුවද, රට බංකො­ලොත් නොවුණේ වුවද, මේ බොරු කන්ද පල දැරුවේ නම්, තව වස­රක් දෙකක් ඇතු­ළත මේ රට ධාරාවි මුඩු­ක්කු­වක් වන්නේය. සංව­ර්ධ­නය සඳහා එරෙ­හිව යෑමේ ගමන එත­රම්ම භයා­න­කය.

ගාලු‍මු­ව­දොර අසල අක්කර හය­කට ආසන්න වප­ස­රි­යක ඉදි වූ අයි.ටී.සී. රත්න­දීප හෝටල් සංකී­ර්ණයේ උසම ගොඩ­නැ­ඟිල්ල තට්ටු 48කින් සම­න්වි­තය. එය අධි සුඛෝ­ප­භෝගී කාමර 352කින් සම­න්වි­තය. ටුවින් ටවර්ස් මාදි­ලිය දරන එම ගොඩ­නැ­ඟිලි ද්විත්වය යා වන්නේ පාල­ම­කිනි. මීටර් 55ක දිග­කින් යුත් එම අහස් පාලම දකුණු ආසි­යාවේ ඇති එකම අහස් පාල­මය. එය නැර­ඹුම් මැදි­රි­යක් පම­ණක් නොවේ. අති­සු­ඛෝ­ප­භෝගී පිහි­නුම් තටාක දෙක­කින් සම­න්විත වූ වින්ද­නීය ස්ථාන­යකි. ඉන්දි­යන් සාග­රය බල­මින්, අහසේ ගඟේ දියඹ මත්තේ පිහි­න­නවා වන් හැඟී­මක් එම තටා­කය, එහි සිටින්නා වෙත ජනිත කර­න්නේය. ආහා­ර­පාන ගැනීම සඳහා එහි ‘අහස’ ස්ථාන­යක් ද වේ.

රටක් නැඟී සිටින විට එහෙව් ව්‍යාපෘති ඇති­විය යුත්තේය. මේ රටට පැමි­ණෙන සංචා­ර­කයා කුල්මත් කළ හැකි ඔය වැනි පහ­සු­කම් අප දැන් නිමවා ඇත්තේ බැවින්, සංචා­රක ආදා­යම තව තවත් සරු­සාර වනවා ඇත. එහෙම රටට ඩොලර් එන විට මේ රටේ ජන ජීවි­තය යළි පිබි­දෙ­නවා ඇත. දැන් එළඹ ඇත්තේ නැඟී සිටින කාලය ය. මේ ගමන ආපසු හර­වන විළි­රු­දාව කිහිප දෙනෙක්ට ඇත්තේ බැවින් උපන් ගෙයිම ඒවා වළ දමා අව­සන් කිරීම ජාතිය හමුවේ අද ඇති කාර්යය ය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT