ඇතා වැහැරුණ ද කොරහේ නාවන්න බැරි සේ, මොන ආකාරයට නම වෙනස් කර සිය දිශානතිය වෙනස් බව ජවිපෙ ලෝකයට කියා පෑමට උත්සාහ කළ ද නලින් හේවගේ කළ කතාවෙන් එළියට බැස්සේ ජවිපෙ ඇත්ත කතාවය. ඝාතන සංස්කෘතියක් මේ රටට උරුම කර දුන් පළමු කාණ්ඩය පාතාලය නොවේ. ජවිපෙය. සංවිධානාත්මක අපරාධ යන්න විටින් විටෙක මතු වන යමක් ලෙස මේ රටේ හැමදාම තිබුණි. එහෙත්, පක්ෂයක් සංවිධානය වී මිනි මරන ලද ආකාරය සහ තවමත් ඒ සඳහා න්‍යාය සකසන ආකාරය අනුව මේ රටේ අනාගත දේශපාලනයේදී ජවිපෙ සඳහා යම් විභවයක් ලැබුණ හොත් සිදුවන දේ පැහැදිලිය. නලින් හේවගේට අනුව භීෂණ සමයේ ජවිපෙ මරා දමන ලද්දේ ස්ත්‍රී දූෂකයන්, කසිප්පුකාරයන්, මිනී මරුවන්ය. එතැන සිට බැලුව ද මේ රටේ නීතිය අනුව නොව තම පක්ෂයේ මිම්මට අනුව එහෙම මරන දඬුවම දිය හැකිද…? ජවිපෙට ඕනෑ ආකාරයට ජීවිත පිළිබඳව තීන්දු ගැනීම සඳහා එම පක්ෂයට, මේ රටේ ජනතාව සතු පරමාධිපත්‍යයේ අධිකරණ බලය ලියා දුන්නේ කවරෙක්ද…? වෙනකක් තබා රටේ දේශපාලන බලය හෝ ගත නොහැකි වූ ජවිපෙ, එහෙම තමන්ගේ නමට මරන දඬුවම සඳහා අවසරපතක් ලියාගෙන, වටේට වෙඩි තබාගෙන යන්නේ කෙසේද ?
නලින්ලා මේ ලෙස දොඩවන්නේ තමන්ගේ පක්ෂයේ නාමයෙන් එළොව යැවූ ජීවිත, යළි යළිත් වනසා දැමීම සඳහාය. නලින්ලාගේ පක්ෂය විජය කුමාරතුංග මරා දමන ලද්දේ දේශපාලන අභිප්රායක් වෙනුවෙනි. ඒ සියලු ඝාතන දේශපාලන මිනී මැරුම්ය. ඒ ගැන ඇත්ත කතා කළේ නම් සිය දේශපාලනය අනුව එහෙම මිනි මරන ලද්දේ යැයි කිව හැකිව තිබියදී, නලින්ලා ඇතුළු ජවිපෙ තවම, අර මළ මිනිස්සු නිගාවට පත් කරමින් ප්‍රසිද්ධියේ හැසිරෙන්නේය. ඝාතන සංස්කෘතියෙන් මිදුණු වහාම ජවිපෙ බැස්සේ චරිත ඝාතන සංස්කෘතියටය. හිටුවා මඩ ගසා, සමාජය ඉදිරියේ මිනිසුන් මඩින් නහවා, ජවිපෙ සිය දේශපාලන වෛරය පිරිමසා ගත්තේය. ෆයිල් ආදිය ප්‍රදර්ශනය කර, දිගටම පවත්වන ලද්දේ ඒ මඩ කෙළියය.
සිය අතීතය වළා දමා ඇතැයි, ඊයේ පෙරේදා ඉපැදුණු පරපුර සහ මෑත සිට දේශපාලනයට ආ පිරිසකට හඟවන්නේ මුත් ‘සතා එළියට එන්නේ’ මේ ජාතියේ කතා අහන විටය.
සිය දේශපාලන අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා මිනී මරන ලද්දේ යැයි ඇත්ත කිව හැකිව තිබියදී, ජවිපෙ තවම වටේ කැරකෙන්නේ, ඒ සඳහා තමනට සම ජාතියේ පිළිතුරක් සමාජ ගත කළ නොහැක්කේ බැවිනි. ජවිපෙට එකල අවශ්‍ය වූයේ, විප්ලවීය ආකාරයට මේ රටේ බලය ලබා ගැනීම සඳහාය. ඒ සඳහා ඔවුහු සිය පක්ෂ තහනම උපයෝගී කර ගත්හ. තහනම් පක්ෂ යන්ත්රණයක සිට දේශපාලනයේ නිරත වන ආකාරය සඳහා ජවිපෙ තෝරා ගත්තේ සන්නද්ධ දේශපාලනයය. මේ ආදී ලෙස සිය කතාව කිව හැක්කේ මුත්, වෛරයේ දේශපාලනය තවමත් සිය පක්ෂ බඳේ බහා ඇත්තේ හෙයින්, ඝාතනය කරන ලද ජීවිත යළි යළි දවා හළු කරන සතුට, ජවිපෙ වෙතින් තවම ඈත්ව, නැත. ද්‍රෝහියා යන පදයට යටත්ව, ජීවිත සඳහා උණ්ඩය නියම කළ යුගය දැන් නිමිය. එසේ වෙද්දී ඒ පිළිබඳව ආවර්ජනා කථනයක් ජවිපෙට නිම කර ගත නොහැකි වූයේය. සෑම තීරණාත්මක දේශපාලන හන්දියකදීම, ජවිපෙ වෙත මෙම මිනී මැරීමේ කතාව එල්ල වන්නේය. එහෙව් මැතිවරණ ගණනාවක් පසු කර ද සාර්ථක පිළිතුරක් ඒ වෙනුවෙන් තනා ගැනීමට ජවිපෙට හැකියාවක් ලැබුණේ නැත.
එය අහම්බයක් නොවේ. තමන් විදින ලද ලේ රහ, නීරස යැයි කීම සඳහා ඇති නොහැකියාව එහි එක් පැතිකඩකි. අනෙක් පැත්ත වන්නේ තමන් කළ කී සියල්ල සාධාරණ යැයි ජවිපෙ තවම සිතන්නේ බැවිනි. ඡන්දය සඳහා යන පක්ෂයක් සිය අතීතයේ එවන් කළුපැල්ලම් කුමන ආකාරයෙන් හෝ සුනු පිළියම් කළ යුත්තේය. ජවිපෙ මෙන්ම මේ රටේ මිනිස්සු ද මැරිලා උපන් අය නොවෙත්. දේශපාලනයේ ගොදුරු සොයා ජවිපෙ අද ඡන්දය උපයෝගී කර ගන්නේ වුවද තවම ඇඟ ඇතුළේ නලියන්නේ, ඝාතන දේශපාලන වුවමනාවය. එහෙව් වෛරී දේශපාලනයක රඟ, මේ සමාජයේ සමහරු තේරුම් නොගත්තේය. නලින් හේවගේ සිය පක්ෂය වෙනුවෙන්, රටට තේරුම් කර දෙන ලද්දේ ඒ ඇත්තය.
මේ කකියන ගතිය ඉව අල්ලන්නෙම ලේ රහ සොයාය. ගෙවල් ගිනි තබමින්, වෑයම් කරන ලද්දේ ඒ සඳහාය. භීෂණය මිසක අන් දේශපාලන න්‍යායක් ඔවුන් සතුව නැත්තේය. රතු පොත අනුව දේශපාලනය කරන සියලු රටවල් එම ගණයේය. මේ සඳහා දේශපාලන ශබ්ද කෝෂයේ ඇති යෙදුම වන්නේ රතු ත්‍රස්තවාදය යන්නය. ජවිපෙ මැතිවරණ සළුවෙන් වැසී සිටිය ද, සැඟවුණු දේශපාලන කායේ ඇත්තේ ‘ඝාතන දේශපාලනය’පමණය.
නලින් හේවගේ මිනී මැරුම් දේශපාලනය සාධාරණය කළ ආකාරය කියාපාන්නේ ‘ඉදිරියටත් අපි එහෙමයි’ යන්නය. මේ ජාතියේ කතා අහම්බැ නොවන්නේ තමන් බලය අත්කරගත් විට උද්ඝෝෂණ සඳහා දක්වන ප්‍රතික්‍රියා ආදිය ගැන ලාල්කාන්ත කලින් කියූ කතා ද මතක් කරගත් විටය. සමහරු ‘මේ පන්දුව’ එන විට සමාව ගනියි. කතාව පැත්තක යවා, වෙන අතකට හරවා ගන්නා, ක්‍රියාමාර්ග ආදිය ගන්නේය. එසේ වුවත් පක්ෂයක් ලෙස තවම මේ කල්ලිය ඉව කරන්නේ ලේ රහමය.
මැතිවරණයක් කටේ වුවද මේ ගැන පාපොච්චාරණයක් නොකරන්නේ තමන් බලයට පත්වූ විගස සාර් පාලනය පෙරළා ලෙනින් බලයට ආපසු අනුගමනය කරන ලද මඟ ජවිපෙ මතකයට එන්නේ බැවිනි. රාජ්‍ය අනුග්‍රහය ලත් ම්ලේච්ඡ රැල්ලක් වූ සෝවියට් දේශයේ රතු භීෂණය, බෝල්ෂෙවික්වරු තම සතුරන් නිහඬ කිරීම සඳහා අනුගමනය කළ ක්‍රියා පිළිවෙත විය. මිලියනයකට වඩා, මිනිස් ජීවිත ‘පන්ති සතුරන්’ ලෙස හංවඩු ගසා, එක්කෝ මරා දැමුහ. නැතහොත් කඳවුරුහි ගාල් කළහ.
මේ බලාපොරොත්තුව දෝත දරා සිටින්නේ හෙයින්, භීෂණ සමය ගැන ජවිපෙ තවමත් දුක් වන්නේ නැත.