Home » සිසු­වි­යෝ නේවා­සි­කා­ගා­රය හැර යති
මැදි­යම් රැයේ අඩ නිරු­ව­තින් සැරි­සැරූ පුද්ග­ල­යෙක් වවු­නි­යාව විශ්ව­වි­ද්‍යා­ලයේ කාන්තා නේවා­සි­කා­ගා­රය කළ­ඹයි

සිසු­වි­යෝ නේවා­සි­කා­ගා­රය හැර යති

by damith
April 27, 2024 1:19 am 0 comment

වවු­නි­යාව විශ්ව­වි­ද්‍යා­ලයේ කාන්තා නේවා­සි­කා­ගා­ර­යට මැදි­යම් රැයේදී අඩ නිරු­ව­තින් පුද්ග­ල­යෙකු ඇතු­ළු­වී­මත් සම­ඟම බියට පත් වූ කාන්තා නේවා­සි­කා­ගා­රයේ ශිෂ්‍යා­වන් එම නේවා­සි­කා­ගා­ර­යෙන් ඉවත් වී පෙරේදා (25) නිවෙ­ස්ව­ලට ගොස් තිබේ.

කිසි­යම් ශබ්ද­යක් ඇසී එක් ශිෂ්‍යා­වක් අවදි වී නේවා­සි­කා­ගා­රයේ විදුලි පහන් දැල් වූ අව­ස්ථා­වේදී කුඩා යට ඇඳු­ම­කින් පම­ණක් සැරසී සිටි එම පුද්ග­ලය කාන්තා නේවා­සි­කා­ගා­ර­යෙන් පලා ගොස් තිබේ. එම පුද්ග­ල­යාව කාන්තා නේවා­සි­කා­ගා­රයේ සිටි ශිෂ්‍යා­වන් කීප­දෙ­නෙකු විසින්ම දැක ඇති අතර, උදෑ­සන විශ්ව­වි­ද්‍යාල කාන්තා නේවා­සි­කා­ගා­රයේ සී.සී.ටී.වී. කැමරා පද්ධ­තිය පරීක්ෂා කරන විට කිසි­යම් පුද්ග­ල­යෙකු අඩ නිරු­ව­තින් කාන්තා නේවා­සි­කා­ගා­ර­යට ඇතුළු වන දර්ශන එහි සට­හන් වී තිබී ඇත.

විශ්ව­වි­ද්‍යාල බල­ධා­රීන් මේ සිද්ධිය සම්බ­න්ධ­යෙන් ගත් පිය­වර ප්‍රමා­ණ­වත් නොමැති බවත් කාන්තා නේවා­සි­කා­ගා­රය තුළ තමන්ට නිසි ආර­ක්ෂා­වක් නොමැති බවත් කිය­මින් ශිෂ්‍යා­වන් සියලු දෙනාම විශ්ව­වි­ද්‍යා­ල­යෙන් පිටව නිවෙ­ස්ව­ලට ගොස් තිබේ.

මේ සිද්ධිය දුර­ක­තන පණි­වු­ඩ­යක් මඟින් නිව­සට දැනුම් දුන් එක් ශිෂ්‍යා­ව­කගේ මවක් හදි­සි­යේම වැල­ඳුණු හෘද­යා­බා­ධ­යක් හේතු­වෙන් රෝහ­ල්ගත කොට තිබේ.

වවු­නි­යාව විශ්ව­වි­ද්‍යා­ලය හා කාන්තා නේවා­සි­කා­ගා­රය පිහිටා ඇත්තේ වවු­නි­යාව මන්නා­රම මාර්ගයේ පම්ප­ම­ඩුව ප්‍රදේ­ශ­යේය.

එම ප්‍රදේ­ශය මදක් කැළෑ­බද ප්‍රදේ­ශ­යක් වන අතර කාන්තා නේවා­සි­කා­ගා­රයේ ශීෂ්‍යා­වන් ප්‍රකාශ කරන්නේ විශ්ව­වි­ද්‍යා­ලය තුළ සේව­යට යොදවා සිටින ආර­ක්ෂක නිල­ධා­රීන්ට මස­කට රුපි­යල් ලක්ෂ ගණ­නක් වැටු­පක් ලබා­දෙද්දී ඔවුන් සිය රාජ­කා­රිය නිසි ලෙස ඉටු නොක­රන බවයි. වවු­නි­යාව විශ්ව­වි­ද්‍ය­ලයේ බල­ධා­රීන් මේ පිළි­බ­ඳව වවු­නි­යාව පොලි­සි­යට පැමි­ණිලි කිරී­මෙන් පසුව පොලි­සිය පරී­ක්ෂණ ආරම්භ කොට තිබේ.

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT