Home » බාල­ව­ය­ස්කාර පෙම්ව­ති­ය පැහැ­ර­ගත් 25 හැවි­රිදි පෙම්වතා පොලිස් අත්අ­ඩං­ගුවේ

බාල­ව­ය­ස්කාර පෙම්ව­ති­ය පැහැ­ර­ගත් 25 හැවි­රිදි පෙම්වතා පොලිස් අත්අ­ඩං­ගුවේ

by damith
April 27, 2024 1:17 am 0 comment

කහ­වත්ත නීල­ගම වතු­යායේ පදිංචි බාල­ව­ය­ස්කාර පෙම්ව­ති­යක මාපිය නීත්‍යා­නු­කූල භාර­ක­ත්ව­යෙන් පැහැ­ර­ගෙ­න­යාම සම්බ­න්ධ­යෙන් පෙම්ව­තාවූ 25 හැවි­රිදි තරු­ණ­යෙකු පෙරේදා (25) අත්අ­ඩං­ඟු­වට ගත් බව කහ­වත්ත පොලි­සිය පව­සයි.

මෙසේ අත්අ­ඩං­ගු­වට ගෙන ඇත්තේ කහ­වත්තේ නීල­ගම වතු­යායේ අංක 5 කොටසේ පදිංචි 25 හැවි­රිදි ප්‍රකාශ් කුමාර් නැමැති කරු­ණ­යෙකි.

තම නිවසේ සිටි අවු­රුදු 15යි, මාස 4ක් වය­සැති තම දැරිය පසු­ගිය 23 වැනිදා සවස 4.25 සිට නිව­සින් අතු­රු­දන්වී ඇති බවත් ඇය වසර කිප­යක සිට එම වතු­යා­යේම පදිංචි ප්‍රකාශ් කුමාර් නැමැති තරු­ණ­යෙකු සමඟ ප්‍රේම­ස­ම්බ­න්ධ­යක් පව­ත්වා­ගෙන තිබූ බවද මෙම සම්බ­න්ධය නව­ත්වන ලෙස තම දැරි­යට හා තරු­ණ­යාට අවස්ථා කීප­ය­කදී අව­වාද කළ බවත් පසු­ගිය 23 වැනිදා සවස 4.25 පමණ නිවසේ සිටි දැරිය අතු­රු­දන්වූ අතර, සොයා බැලී­මේදී දැරිය සමඟ ප්‍රේම සම්බ­න්ධ­යක් ඇති­ක­ර­ගෙන සිටි තරු­ණයා ද ඔහුගේ නි‍ෙව­සින් අතු­රු­දන් වී ඇතැයි දැරි­යගේ පියා විසින් ඉකුත් 24 වැනිදා කහ­වත්ත පොලි­සි­යට කරන ලද පැමි­ණිල්ලේ සඳ­හන්වේ.

මෙම පැමි­ණිල්ල සම්බ­න්ධව වහාම ක්‍රියා­ත්ම­කවූ කහ­වත්ත පොලි­සියේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්‍ෂක කරු­ණා­රත්න මහතා දැරි­යගේ පියා සහ පෙම්ව­තාගේ මාපි­යන් පොලි­සි­යට ගෙන්වා කරන ලද පරී­ක්‍ෂ­ණ­ය­කින් අන­තු­රුව පෙම්ව­තාවූ ප්‍රකාශ් කුමාර් නැමැති අය සහ ඔහුගේ පෙම්ව­තිය වූ බාල­ව­ය­ස්කාර දැරිය සමඟ බළ­න්ගොඩ ප්‍රදේ­ශයේ පිහිටි පෙම්ව­තාගේ මාමාගේ නි‍ෙවසේ සිටි­යදී පොලිස් භාර­යට ගෙන ඇත. පොලිස් භාර­යට ගත් දැරි­යව කහ­වත්ත දිසා රෝහලේ අධි­ක­රණ වෛද්‍ය­ව­රයා වෙත වෛද්‍ය වාර්තා­වක් ලබා ගැනී­මට, වෛද්‍ය පරී­ක්‍ෂ­ණ­යක් සඳහා යොමු කර ඇති අතර සැක­කාර තරු­ණ­යාට බාල­ව­ය­ස්කාර දැරි­යක් මාපිය නීත්‍යා­නු­කූල භාර­ක­ත්ව­යෙන් පැහැ­ර­ගෙ­න­යාම සම්බ­න්ධ­යෙන් නඩු පැව­රී­මට කහ­වත්ත පොලි­සිය කට­යුතු කර­ගෙන යයි.

රත්න­පුර විශේෂ - එන්.පී. රාජ­දොරේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT