Thursday, May 9, 2024
Home » කොළඹ එන බස් චෙක් කරන්න හංවැල්ල පොලිසියෙන් මෙහෙයුමක්
බදුල්ලෙන්-මොනරාගලින්-රත්නපුරෙන්

කොළඹ එන බස් චෙක් කරන්න හංවැල්ල පොලිසියෙන් මෙහෙයුමක්

by mahesh
March 29, 2024 1:00 am 0 comment

හංවැල්ල පොලිස් ස්ථානය මඟින් හයිලෙවල් මාර්ගයේ ධාවනය කෙරෙන බස් රථ පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් අළුත් පාර වනහාගොඩ ප්‍රදේශයේදී සිදු කෙරුණි.

හංවැල්ල පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ රථවාහන අංශයේ ස්ථානාධිපති, උප පොලිස් පරීක්ෂක හේමන්ත මහතා ඇතුළු නිලධාරීන් 20 දෙනකු පමණ මෙම මෙහෙයුමට සම්බන්ධ වී සිටියහ.

මෙහිදී බදුල්ල, බණ්ඩාරවෙල, ඇඹිලිපිටිය, මොනරාගල, වැල්ලවාය, රත්නපුර සහ අවිස්සාවේල්ල යන ප්‍රදේශවල සිට කොළඹ දෙසට ධාවනය වූ ලංගම සහ පෞද්ගලික බස් රථ 16ක් සහ ඒවායේ ගමන් කළ කාන්තාවන් 215ක් සහ පිරිමි පුද්ගලයන් 292ක් පරීක්ෂා කළ බව පොලිසිය පවසයි. මේ දිනවල ක්‍රියාත්මක වන විශේෂ මෙහෙයුම් හේතුවෙන් බස් රථවලින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම බොහෝ සේ අඩු වෙමින් පවතින බව පොලිසිය සඳහන් කරයි.

එම අවස්ථාවට හංවැල්ල පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් කුමාර මහතා ඇතුළු නිලධාරීන්, නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථාන නියෝජනය කරමින් පොලිස් නිලධාරීන් හා කාන්තා පොලිස් නිලධාරිනියන් හා පූගොඩ විශේෂ කාර්ය බළකා මධ්‍යස්ථානයේ නිලධාරීහුද සහභාගී වී සිටියහ.

පාදුක්ක සමූහ - රෙක්සි වෙත්තසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT