Home » බීම­තින් නැන්ද­ම්මාට පොල්ල­කින් පහ­ර­ දුන් බෑනා රිමාන්ඩ්

බීම­තින් නැන්ද­ම්මාට පොල්ල­කින් පහ­ර­ දුන් බෑනා රිමාන්ඩ්

by damith
April 27, 2024 1:18 am 0 comment

අධික ලෙස මත්පැන් පානය කර පැමිණ බිරි­යගේ මවට පොල්ල­කින් පහ­රදී බර­ප­තළ තුවාල සිදු­කොට ඇති බව කියන සැක­ක­රු­වෙකු මැයි මස 06 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබී­මට අත්ත­න­ගල්ල අංක 02 මහේ­ස්ත්‍රාත් මංජුල කරු­ණා­රත්න මහතා පෙරේදා (25) පස්ව­රුවේ නියෝග කළේය.

නිට්ට­ඹුව, ඕච­ර්ඩ්වත්ත ප්‍රදේ­ශයේ පදිංචි සැක­ක­රු­වෙකු එසේ රිමාන්ඩ් කැරිණි. අධික ලෙස මත්පැන් පානය කර පැමිණ බිරි­යගේ මවට පොල්ල­කින් පහ­රදී බර­ප­තළ තුවාල සිදු­කොට ඇති බව කියන සිද්ධි­යක් සම්බ­න්ධව නිට්ට­ඹුව පොලි­සිය පරී­ක්ෂණ පවත්වා සැක­කාර බෑනා අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

නිට්ට­ඹුව පොලි­සියේ පොලිස් සැර­යන් ජී.ඇස්. රත්නා­යක (16859) මහතා කරුණු දක්ව­මින් සැක­කරු අධික ලෙස මත්පැන් පානය කර පැමිණ නැන්ද­ම්මාට පොල්ල­කින් පහ­රදී බර­ප­තළ තුවාල සිදු­කොට ඇති බව පවසා සිටි­යේය.

තුවා­ල­කා­රිය රෝහ­ල්ගත කර සිටින බවත් සැක­කරු නිතර ගැටුම් ඇති කර ගන්නා බවත් පරී­ක්ෂ­ණ­ව­ලදී හෙළි වී ඇතැයි ද පොලිස් සැර­ය­න්ව­රයා පවසා සිටි­යේය. මෙහිදී සැක­ක­රුට නීතිඥ සහා­යක් නොමැති වීම හේතු­වෙන් යමක් ප්‍රකාශ කිරී­මට ඇති දැයි අධි­ක­ර­ණය කරන ලද විම­සී­ම­කදී තමා නිවැ­ර­දි­කරු යැයි සැක­කරු ප්‍රකාශ කළේය. දෙපා­ර්ශ්වයේ කරුණු දැක්වී­ම්ව­ලින් අන­තු­රුව එසේ සැක­කරු රිමාන්ඩ් භාරයේ රඳවා තැබී­මට නියෝග කැරිණි. මෙම නඩුව නැවත කැඳ­වීම මැයි මස 06 වන­දාට කල් තැබිණ.

වේය­න්ගොඩ විශේෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT