Saturday, April 27, 2024
Home » මොස්කව් ප්‍රහාරයේදී පුද්ගලයන් 100කට වැඩි පිරිසක් අතුරුදන් වෙලා

මොස්කව් ප්‍රහාරයේදී පුද්ගලයන් 100කට වැඩි පිරිසක් අතුරුදන් වෙලා

by mahesh
March 29, 2024 1:00 am 0 comment

පුද්ගලයන් 143කට මරු කැඳවමින් රුසියාවේ මොස්කව් නුවර ප්‍රසංග ශාලාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේදී තවත් පුද්ගලයන් 100කට වැඩි පිරිසක් අතුරුදන් වී ඇති බවට වාර්තා ලැබී ඇතැයි එරට විමර්ශන නිලධාරීන් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ප්‍රහාරය සම්බන්ධව පරීක්ෂණ පවත්වනු ලබන රුසියානු විමර්ශන කමිටුව එම ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන් 143 දෙනාගේ නම් ලැයිස්තුව පසුගියදා ප්‍රකාශයට පත් කර තිබූ අතර, වැඩි දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ත්‍රස්තවාදීන්ගේ වෙඩි ප්‍රහාරයට ගොදුරු වීමෙන් නොව ඔවුන් විසින් ප්‍රසංග ශාලාවට ගිනි තැබීමෙන් පැතිරී ගිය දුමාරය ආඝ්‍රාණය කිරීමෙන් බව ද විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

රුසියාවේ ජනප්‍රිය ‘පික්නික්‘ රොක් සංගීත කණ්ඩායමේ ප්‍රසංගයක් පැවැත්වීමට නියමිතව තිබියදී එම ප්‍රහාරය එල්ල වූ අතර, ඒ වන විට ප්‍රසංගය නැරැඹීමට එරට විවිධ පළාත්වලින් පැමිණ සිටි 6,200කට ආසන්න රුසියානුවන් පිරිසකගෙන් ප්‍රසංග ශාලාව සහ ඒ අවට ප්‍රදේශය පිරී ඉතිරී ගොස් තිබිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT