බ්‍රිතාන්‍ය හමුදාවේ සේවය කරන අතරතුර එහි සෙබළුන්ට සහ නිලධාරින්ට රැවුල වැවීමට අවසර දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මේ අවසරය ලබා දී ඇත්තේ වසර ගණනාවක සිට පැවැති සාකච්ඡා කිහිපයකට පසුව බව ද වැඩිදුරටත් වාර්තා වේ. ඒ අනුව සෙබළුන්ට සහ නිලධාරීන්ට උඩු රැවුල සහ මුහුණ පුරා රැවුල වැවීමට අවසර ලැබී ඇති අතර, නිසි ලෙස පිළිවෙළකට සකස් කර තිබේදැයි දිනපතා පරික්ෂා කිරීමට නියමිත බවද වාර්තා වේ.
පසුගිය මාස කිහිපය තුළ බ්‍රිතාන්‍ය හමුදාවේ සෙබළුන්ගේ සහ නිලධාරීන්ගේ පෙනුම පිළිබඳ යුද හමුදාවේ ප්‍රතිපත්ති සම්බන්ධව සමාලෝචනයක් ද සිදු කර ඇති අතර, එම තීරණය ගෙන ඇත්තේ ඉන් පසුව බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නව ප්‍රතිපත්තිය බ්‍රිතාන්‍ය හමුදාවට අලුතින් බඳවා ගැනීම් සිදු කිරීමට පිටිවහලක් වනු ඇතැයි ද, ඩෙන්මාර්කය, ජර්මනිය සහ බෙල්ජියම දැනටමත් එරට හමුදාවේ සෙබළුන්ට සහ නිලධාරීන්ට රැවුල වැවීමට අවසර දී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.