Home » ඇමරිකාව තම වගකීම ඉටු කළ යුතුයි – චීනය කියයි

ඇමරිකාව තම වගකීම ඉටු කළ යුතුයි – චීනය කියයි

by chanaka
April 19, 2024 3:20 pm 0 comment

ජගත් ප්‍රජාවේ ඉල්ලීම්වලට සවන් දෙන ආරක්ෂක මණ්ඩලය ගාසා තීරයේ සටන් විරාමය පිළිබඳ කෙටුම්පත අඛණ්ඩව විමර්ශනය කරමින් සිටින බව චීන විදේශ ඇමති වං යී කියාසිටී.

ඉන්දුනීසියානු විදේශ ඇමතිනි Retno Marsudi සමග මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව කියා සිටියේය. එය ජකර්තා නුවර දී ඊයේ (18) පැවැත්විණ.

පලස්තීන-ඊශ්‍රායල ගැටුම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වගකීම් සහගතව ක්‍රියා කළ යුතු බවට එහිදී පළ වූ අදහස්වලට ප්‍රතිචාර දක්වමින් වං යී ඉහත අදහස් පළකළේය. ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා ඉදිරිපත් කෙරුණු කෙටුම්පත් රැසක් ඇමරිකාව සම්පූර්ණයෙන්ම නිෂේධ කළ බව ද හෙතෙම පැවසීය.

ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජික රටක් වන ඇමරිකාව එහි රෙගුලාසි සහ ජාත්‍යන්තර නීතිය පිළිපැදිය යුතු බව ද චීන විදේශ අමාත්‍යවරයා අවධාරණය කළේය. එහිදී ඇමරිකාවට සුවිශේෂ වරප්‍රසාද හිමි නොවේ. සෙසු සාමාජික රටවල් සමග එක්ව ජාත්‍යන්තර වගකීම භාර ගනිමින් පලස්තීන ජනතාව බේරා ගැනීමට ඇමරිකාව ක්‍රියා කරනු ඇතැයි අපේක්ෂා කරන බව ද වං යී පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT