Thursday, May 2, 2024
Home » SSW වීසා යටතේ ජපන් සිහින සැබෑ කරගන්න මේ සති අන්තයේ මන්නාරමට එන්න

SSW වීසා යටතේ ජපන් සිහින සැබෑ කරගන්න මේ සති අන්තයේ මන්නාරමට එන්න

by chanaka
April 19, 2024 1:37 pm 0 comment

සකුරා මල් පිපෙන ජපානය, ශ්‍රී ලංකාවේ බොහෝ දෙනකුගේ සිහින රාජ්‍යය බවට පත්වී ඇත.

ඒ අනුව ජපානයේ ඉහළ වැටුපක් ලැබීමට අවකාශය සලසා දෙන SSW ( Specified Skilled Worker) Visa ව්‍යාපෘතිය මගින් ජපන් සිහින සැබෑ කරගැනීමට වෙරදරණ ඔබට කදිම අවස්ථාවක් උදාවී ඇති අතර ඒ සඳහා ඔබ කළයුතු වන්නේ අප්‍රේල් 20 සහ 21 දෙදින මන්නාරම නගරසභා ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ජයගමු ශ්‍රී ලංකා වැඩසටහනට පැමිණීමයි.

නිත්‍යානුකූල ක්‍රමවේද කිහිපයක් හරහාම ජපන් සිහිනය සැබෑ කරගැනීමට අවස්ථාව උදාකර දී ඇති අතර එහිදී ශ්‍රී ලාංකිකයින්ට සුවිශේෂී වීසා පදනමක් යටතේ ජපානයේ රැකියා අවස්ථාවන්ට ප්‍රවේශ වීමට අවස්ථාව ලබාදී තිබෙන SSW ( Specified Skilled Worker) Visa ව්‍යාපෘතිය මගින් දැන් ඔබටත් ජපානයේ රැකියාවන් සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව පවතී.

ශ්‍රී ලංකාව හා ජපානය අතර සිදු කරන ඒකාබද්ධ පරීක්ෂණයක් මගින් කුසලතා සහ ජපන් භාෂා ප්‍රවීණතාවය තහවුරු කෙරේ. එම පරීක්‍ෂණය සමත් වන්නන් සඳහා වසර (5) පහක කාලයක් ජපානයේ රැකියාවෙහි නිරත වීමේ අවස්ථාව උදාකර දී ඇත. SSW වැඩසටහන යටතේ ජපානය විසින් රැකියා ක්ෂේත්‍ර 14 ක් ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අතරින් දැනට ක්ෂේත්‍ර 6 ක් සඳහා ශ්‍රී ලංකාවට අනුමැතිය ලබා දී ඇත.

1 හෙද සාත්තු සේවාව ( Nursing Caregiving )

2 ආහාර සේවා කර්මාන්තය (Food Service industry )

3 කෘෂිකර්මාන්තය (Agriculture )

4 ඉදිකිරීම් අංශය (Construction)

5 ගොඩනැගිලි පිරිසිදු කිරීම (Building Cleaning)

6 ගුවන් ක්ෂේත්‍රය (Aviation Firld)

මේ අතරින් දැනට හෙද සාත්තු සේවාව, ආහාර සේවා කර්මාන්තය, කෘෂිකර්මාන්තය හා ගුවන් ක්ෂේත්‍ර සඳහා කුසලතා පරීක්ෂණ දැනට ශ්‍රී ලංකාවෙ පවත්වනු ලබනවා.
තවද රාජ්‍ය අංශය මගින් සම්මුඛ පරීක්ෂණ පවත්වා මෙම අංශ සඳහා ජපානය වෙත පිටත්කර යැවීම සිදු කරනු ලබනවා.

ඔබ ජපානයේ රැකියාවකට යොමුවීම සඳහා ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන මූලික සුදුසුකම් වන්නේ
වයස අවුරුදු 18 ත් 45 ත් අතර ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීම.
ජපන් භාෂා ප්‍රවීණතාවය ලබා තිබීම . මේ සඳහා ජපන් භාෂා ප්‍රවීණතාවය තහවුරු කිරීම සඳහා ජපන් රජයෙන් පවත්වනු ලබන විභාගය JFT (Japanese Foundation Test ) හෝ JLPTN 4 ( Japanese Language Proficiency Test ) ජපන් භාෂා ප්‍රවීණතා මට්ටම සමත් වී තිබීම යුතුය.

මීට අමතරව තෝරාගත් රැකියා ක්ෂේත්‍රයට අදාළව පවත්වනු ලබන කුසලතා පරීක්ෂණය සමත් වී තිබිය යුතුය. මෙහිදී හෙද සාත්තු සේවය සඳහා කුසලතා පරීක්‍ෂණ දෙකක් සමත් විය යුතුව ඇත. හෙද සාත්තු සේවය පිළිබඳ තාක්ෂණික දැනුම සඳහා කුසලතා පරීක්‍ෂණය Skill Evaluation Test ඉංග්‍රීසි භාෂාවෙන් හෝ ජපන් භාෂාවෙන් පෙනී සිටීය හැක. මීට අමතරව හෙද තාක්ෂණය පිළිබඳව ජපන් භාෂා දැනුම පරීක්ෂා කිරීමේ පරීක්ෂණය Japanese Language Evaluation Test සඳහාද පෙනී සිටිය යුතුව ඇත.
ඉහත මූලික පරීක්ෂණයන්ට අමතරව පහත සඳහන් සුදුසුකම් ද සපුරා තිබීය යුතුය.
හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් යුක්තවීම.
ශරීරයේ ටැටූ (Tattoo) නොමැතිවීම

ඉහත සුදුසුකම් සපුරා ඇත්නම් ඔබට ජපානයේ වෘත්තිය අවස්ථා සඳහා යොමුවීමේ හැකිව පවතින අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒ සඳහා අවශ්‍ය උපදේශනය සහ මග පෙන්වීම ලබාදෙමින් සිටී.

SSW ව්‍යාපෘතිය යටතේ ජපානයේ රැකියා අවස්ථාවක් ලබාගෙන ඔබේ ජපන් සිහිනය සැබෑ කරගැනීමට අවශ්‍ය නම් අප්‍රේල් 20 සහ 21 දෙදින මන්නාරම නගරසභා ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ජයගමු ශ්‍රී ලංකා වැඩටසහනට ඔබත් පැමිණෙන්න.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT