Home » ඉන්දීය ජාති­ක­ය­කුට අමෙ­රි­කානු ජනා­ධි­පති සම්මාන

ඉන්දීය ජාති­ක­ය­කුට අමෙ­රි­කානු ජනා­ධි­පති සම්මාන

by damith
April 20, 2024 1:00 am 0 comment

ඉන්දීය ජාති­ක­ය­කුට පළ­මු­ව­රට අමෙ­රි­කානු ජනා­ධි­පති සම්මාන ප්‍රදා­න­යක් සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ලෝක සාම මධ්‍ය­ස්ථා­නයේ සහ ඉන්දි­යාවේ අහිම්සා විශ්ව භාරතී සංවි­ධා­නයේ නිර්මාතෘ ජයින් අචාර්යා ලෝකේෂ් මේ සම්මාන ප්‍රදා­න­යට පාත්‍ර වූ බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය. අමෙ­රි­කානු කොංග්‍ර­සයේ බ්‍රැඩ් ෂර්මන් විසින් වොෂිං­ටන් නුව­රදී ඔහුට එම සම්මා­නය ප්‍රදා­නය කරනු ලැබූ බවත්, අමෙ­රි­කානු ජනා­ධි­පති සම්මාන දිනූ පළමු ඉන්දීය පූජ­ක­ව­රයා ඔහු බවත් විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය.

ජනා­ධි­පති සම්මා­නය සමඟ රන් පළිහ, ගෞරව සහ­ති­කය සහ ජනා­ධි­පති ජෝ බයිඩ්න්ගේ අත්සන සහිත ලිපි­යක් ද ඔහුට ප්‍රදා­නය කර ඇති අතර, එම ලිපිය කොංග්‍රස් සභික බ්‍රැඩ් ෂර්මන් විසින් කිය­වනු ලැබූ බව සඳ­හන් වේ. මානු­ෂීය යහ­පත උදෙසා දක්වන දාය­ක­ත්ව­යට සුබ පතන බවත්, අමෙ­රි­කානු ජාති­යට සහ මනු­ෂ්‍ය­ත්ව­යට කළ සේව­යට ප්‍රශංසා කරන බවත් එම ලිපි­යෙහි සඳ­හන් වන බව විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT