Home » ශ්‍රේණි­ගත කිරීමේ තර­ගා­ව­ලි­යක් 23දා තෙක්

ශ්‍රේණි­ගත කිරීමේ තර­ගා­ව­ලි­යක් 23දා තෙක්

by damith
April 20, 2024 12:30 am 0 comment

සුපර් නයිට් චෙස් ක්‍රීඩා සමා­ජය දෙවැනි වර­ටත් සංවි­ධාන කරනු ලබන ශ්‍රේණි­ගත කිරීමේ චෙස් තර­ගා­ව­ලිය ඊයේ (19) සිට 23 දක්වා තල­ව­තු­ගොඩ සම­නල හෝට­ල­යේදී පැවැත්වේ.

තර­ගා­ව­ලි­යට ශ්‍රී ලංකාව සහ ඉන්දි­යාව ඇතුළු රට­වල් කීප­ය­කම චෙස් ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් 500ක් පමණ සහ­භාගි වන බව තරග සංවි­ධා­ය­කයෝ පව­සති.

මේ තර­ගා­ව­ලිය තරග වට 10කින් සම­න්වි­තය. තරග වට 2 බැගින් තරග වට 10ක් නිමා­වට පත් කෙරේ.

මේ තරග වට 10න් ලකුණු ලබා ගන්නා අනු­පි­ළි­වෙළ මත තර­ගා­ව­ලියේ විවෘත ශූර­තාව, අනු ශූර­තාව, තෙවැනි ස්ථානය සහ කාන්තා ශූර­තාව, අනු­ශූ­ර­තාව මෙන්ම තෙවැනි ස්ථානය ද තෝරා ගනු ලබයි. මේ සඳහා පිරි­න­මනු ලබන මුදල් ත්‍යාග රු.මිලි­ය­න­ය­කට වැඩි බව තරග සංවි­ධා­ය­කයෝ පැව­සූහ.

මැද කොළඹ සමූහ - ආරි­ය­රත්න ගනේ­ගොඩ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT