Home » ආචාර්ය ඒ.ටී. ආරි­ය­රත්නයන් උරුම බල­යක් නැතිව මිනිස් සමා­ජය එක­මුතු කළ නාය­ක­යෙක්

ආචාර්ය ඒ.ටී. ආරි­ය­රත්නයන් උරුම බල­යක් නැතිව මිනිස් සමා­ජය එක­මුතු කළ නාය­ක­යෙක්

ශෝක පණි­වි­ඩ­යෙන් අග­මැති කියයි

by damith
April 20, 2024 1:04 am 0 comment

ආචාර්ය ඒ.ටී. ආරි­ය­ර­ත්න­යන් රජ­යක, පක්ෂ­යක බලය හෝ වෙනත් ඒ ආකා­රයේ උරුම බල­යක් නැතිව මිනිස් සමා­ජය එක­මුතු කළ නාය­ක­යෙක් යැයි අග­මැති දිනේෂ් ගුණ­ව­ර්ධන මහතා පව­සයි.

ඒ.ටී. ආරි­ය­රත්න මහ­තාගේ අභා­වය වෙනු­වෙන් ශෝක පණි­වි­ඩ­යක් නිකුත් කර­මින් අග­මැ­ති­ව­රයා මේ බව සඳ­හන් කර තිබේ. එම නිවේ­ද­නයේ මෙසේද සඳ­හන් වේ.

මිනිස් ගුණ­ධර්ම පද­නම් කර­ගත් පරා­ර්ථ­කාමී උතුම් ව්‍යාපා­ර­යක් රට පුරාම ක්‍රියා­ත්මක කළ ආචාර්ය ඒ. ටී. ආරි­ය­රත්න මහතා උතුම් ශ්‍රී ලංකා පුත්‍ර­යෙක්. එතු­මාගේ අභා­වය මුළු මහත් ජාති­ය­ටම දැවැන්ත හිඩැ­සක්. රට­පුරා ගමින් ගමට යමින් එතුමා ලබා දුන් උතුම් ආද­ර්ශය සදා­කා­ලි­කයි. පර­ම්පරා කීප­යක් සමඟ ඉදි­රි­යට ගෙනා ආද­ර්ශ­මත් ක්‍රියා­ව­ලිය ශ්‍රී ලංකා­වට පම­ණක් නොව ලොව රට­වල් බොහෝ­ම­ය­කට, සංවි­ධාන බොහෝ­ම­ය­කට අලුත් මඟක් වුණා. ඒ නාය­ක­ත්ව­යෙන්, ආශී­ර්වා­ද­යෙන් ක්‍රියා­ත්මක වුණු සේවා අන­න්තයි.

මිනිස් ගුණ­ධ­ර්ම­ව­ලින් පිරි සමා­ජ­යක් ඇති කිරී­මට දැක්වූ ඒ දාය­ක­ත්වය දේශ­පා­ලන පක්ෂ­ව­ලට, දෙපා­ර්ත­මේ­න්තු­ව­ලට වඩා විශා­ලයි. එලෙස ස්වේච්ඡා­වෙන් මිනිස් සමා­ජය එක­මුතු කළ නාය­ක­යෙක් නොහිටි බව නිහ­ත­මා­නීව ප්‍රකාශ කර­නවා. රජ­යක බලය, පක්ෂ­යක බලය හෝ වෙනත් ඒ ආකා­රයේ උරුම බල­යක් නැතිව ඒ.ටී. ආරි­ය­රත්න මහතා අප සැමට ගුරු­ව­ර­යෙක් මෙන් මඟ පෙන්වූවා. එතු­මාට නිවන් සුවය ප්‍රාර්ථනා කර­නවා යැයිද පැව­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT