Home » එල්ල­ක්කලදී තරු­ණ­ය­කු මැරූ අනතුරේ ලොරි රියැ­දුරු රිමාන්ඩ්

එල්ල­ක්කලදී තරු­ණ­ය­කු මැරූ අනතුරේ ලොරි රියැ­දුරු රිමාන්ඩ්

by damith
April 20, 2024 1:04 am 0 comment

විසි දෙහැ­වි­රිදි අවි­වා­හක පුද්ග­ල­යකු මිය ගොස් ඇති රිය අන­තු­ර­කට සම්බන්ධ සැක­කාර ලොරි රථ රියැ­දු­රෙකු මේ මස 22 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබී­මට අත්ත­න­ගල්ල අංක 02 මහේ­ස්ත්‍රාත් මංජුල කරු­ණා­රත්න මහතා ඊයේ (19) දහ­වල් නියෝග කළේය.

පැපි­ලි­වල ප්‍රදේ­ශයේ පදිංචි ධනුෂ්ක සංජීව නමැ­ත්තෙකු එසේ රිමාන්ඩ් ‍ෙකරිණි. සැක­කරු පෙරේදා (18) රාත්‍රී පස්යාල අත්ත­න­ගල්ල මාර්ගයේ පස්යාල දෙස සිට අත්ත­න­ගල්ල දෙසට ලොරි­යක් පද­වා­ගෙන යද්දී එල්ල­ක්කල ප්‍රදේ­ශයේ දී පස්යාල දෙසට ධාව­නය වෙමින් තිබූ යතු­රු­පැ­දි­යක හැපී අන­තුර සිදු වී තිබිණ.

එම අන­තු­රින් යතු­රු­පැ­දිය පද­වා­ගෙන පැමිණි ඌරා­පොළ බෝපැත්ත ප්‍රදේ­ශයේ පදිං­චිව සිටි ඩී. දිනෙත් හෙට්ටි­ආ­රච්චි (22) නමැති අවි­වා­හ­ක­යෙකු බර­ප­තළ තුවාල ලබා වතු­පි­ටි­වල මූලික රෝහ­ලට ඇතු­ළත් කර සිටි­යදී මිය ගොස් තිබිණ. මේ පිළි­බ­ඳව නිට්ට­ඹුව පොලි­සියේ රථ වාහන අංශය පරී­ක්ෂණ පවත්වා සැක­කාර ලොරි රථ රියැ­දුරා අත්අ­ඩං­ගු­වට ගෙන තිබිණ.

නිට්ට­ඹුව පොලි­සියේ නඩු මෙහෙ­යුම් අංශයේ පොලිස් සැර­යන් සමන් තිලක මහතා කරුණු දක්ව­මින් සැක­කරු අධික වේග­ය­කින් ලොරිය වැරදි මංතී­රුවේ පද­වා­ගෙන යද්දී යතු­රු­පැ­දියේ හැපී අන­තුර සිදු වී ඇති බව කියා සිටි­යේය.

අන­තු­රත් සමඟ යතු­රු­පැ­දිය අඩි පහ­ළො­වක් දුර­කට විසි වී ඇති බවත්, සැක­කාර රියැ­දු­රාගේ නොසැ­ල­කිල්ල නිසාම අවා­ස­නා­වන්ත ලෙස අන­තුර සිදු වී ඇති බවත්, යතු­රු­පැ­දි­කරු බර­ප­තළ තුවාල ලබා වතු­පි­ටි­වල මූලික රෝහ­ලට ඇතු­ළත් කර සිටි­යදී මිය ගොස් ඇති බවත් පොලිස් සැර­ය­න්ව­රයා කීය. පොලි­සියේ කරුණු දැක්වී­ම්ව­ලින් අන­තු­රුව එසේ සැක­කාර රියැ­දුරා රිමාන්ඩ් භාරයේ රඳවා තැබී­මට නියෝග කෙරිණි.

නැවත කැඳ­වීම මේ මස 22 වන­දාට කල් තැබිණ. නිට්ට­ඹුව පොලි­සියේ නඩු මෙහෙ­යුම් අංශයේ පොලිස් සැර­යන් සමන් තිලක මහතා පැමි­ණිල්ල මෙහෙ­ය­විය.

වේය­න්ගොඩ - විශේෂ වාර්තා­කරු

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT