Home » ශ්‍රී ලංකාවේ ජපාන තානා­පති ඇමැති ටිරාන් අලස් හමු­වෙයි

ශ්‍රී ලංකාවේ ජපාන තානා­පති ඇමැති ටිරාන් අලස් හමු­වෙයි

by damith
April 20, 2024 1:04 am 0 comment

ශ්‍රී ලංකාවේ ජපාන තානා­පති MIZUKOSHI Hideaki මහතා සහ මහ­ජන ආර­ක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා අතර හමු­වක් මහ­ජන ආර­ක්ෂක අමා­ත්‍යාං­ශ­යේදී පෙරේදා (17) සිදු­විය.

අප­රාධ මර්ද­නය සහ මත්ද්‍රව්‍ය තුරන් කිරීම වෙනු­වෙන් ශ්‍රී ලංකා පොලි­සිය විසින් ක්‍රියා­ත්මක කරන යුක්තිය මෙහෙ­යුම තමන් අගය කරන බව ජපාන තානා­පති MIZUKOSHI Hideaki මහතා මහ­ජන ආර­ක්ෂක ඇමැති ටිරාන් අලස් මහ­තාට පැවැ­සීය.

විදේශ ගමන් බල­පත්‍ර සහ වීසා නිකුත් කිරීම පිළි­බ­ඳව ද මෙහිදී සාකච්ඡා විය. ජාතික ප්‍රති­ස­න්ධාන වැඩ­පි­ළි­වෙළ සම්බ­න්ධ­යෙන් ද මෙම හමු­වේදී තානා­ප­ති­ව­රයා සහ ඇමැති ටිරාන් අලස් මහතා අතර අද­හස් හුව­මාරු කර ගැනිණි.

ඇමැති ටිරාන් අලස් මහතා විසින් මේ වන­විට ශ්‍රී ලංකාවේ ක්‍රියා­ත්මක ප්‍රජා පොලිස් කමිටු වැඩ­ස­ට­හනේ සාර්ථ­ක­ත්වය සහ එහි වැද­ග­ත්කම පිළි­බ­ඳව ද ජපාන තානා­පති MIZUKOSHI Hideaki මහතා දැනු­ම්වත් කරනු ලැබීය.

ඉදි­රි­යේදී යළිත් අව­ස්ථා­වක ජපාන තානා­පති MIZUKOSHI Hideaki මහතා අමාත්‍ය ටිරාන් අලස් මහතා හමුවී ඉහත සාකච්ඡා කරන ලද කරුණු පිළි­බ­ඳව අද­හස් හුව­මාරු කර­ගැ­නී­මට බලා­පො­රොත්තු වන බව තව­දු­ර­ටත් පැවැ­සීය.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT