Home » වෙලිං­ටන් නුවර ශ්‍රී ලංකා මහ කොම­සා­රිස් කාර්යා­ල­යක් ඇර­ඹී­මට අව­ධා­නය

වෙලිං­ටන් නුවර ශ්‍රී ලංකා මහ කොම­සා­රිස් කාර්යා­ල­යක් ඇර­ඹී­මට අව­ධා­නය

by damith
April 20, 2024 1:18 am 0 comment

ශ්‍රී ලංකා මහ කොම­සා­රිස් කාර්යා­ල­යක් නව­සී­ල­න්තයේ වෙලිං­ටන්හි ස්ථාපිත කිරීම සම්බ­න්ධ­යෙන් සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා නියෝ­ජිත කණ්ඩා­ය­මක් එරට සංචා­රය කිරී­මට නිය­මි­තව තිබේ.

ඒ අනුව විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශයේ විදේශ වත්කම් කළ­ම­නා­ක­රණ සහ සංව­ර්ධන අංශයේ අධ්‍යක්ෂ ජන­රාල් ප්‍රදීපා සේරම් මහ­ත්මිය ප්‍රමුඛ නියෝ­ජිත කණ්ඩා­ය­මක් එළ­ඹෙන 22 දා නව­සි­ල­න්තයේ වෙලිං­ටන්හි සංචා­රය කරන බව විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය පව­සයි.

නව­සී­ල­න්තයේ වෙලි­න්ටන්හි ශ්‍රී ලංකා මහ කොම­සා­රිස් කාර්යා­ල­යක් විවෘත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩ­ලය ගත් තීර­ණ­යෙන් පසුව මේ නියෝ­ජිත කණ්ඩා­යම ඒ සම්බ­න්ධ­යෙන් පව­තින තත්ත්වය සහ ඉදිරි ක්‍රියා­මාර්ග ගැනීම සඳහා නව­සී­ල­න්තයේ සංචා­රය කරන බවද ශ්‍රී ලංකා මහ කොම­සා­රිස් කාර්යා­ල­යක් විවෘත කිරීම සඳහා එහිදී නව­සී­ලන්ත රජයේ පාර්ශ්වය සමඟ සාකච්ඡා කරන බවද එම අමා­ත්‍යාං­ශය කියයි.

මේ සංචා­ර­යේදී දූත පිරිස නව­සී­ල­න්තයේ විදේශ කට­යුතු සහ වෙළෙඳ අමා­ත්‍යාං­ශයේ නිල­ධා­රීන් සහ අනෙ­කුත් අදාළ ආය­තන සහ පාර්ශ­ව­ක­රු­වන් සමඟ රැස්වී­ම්වල නිරත වීම­ටද නිය­මි­තයි.

නව­සී­ල­න්තයේ සැල­කිය යුතු ශ්‍රී ලාංකික විදේ­ශ­ගත ප්‍රජා­වක් සිටින අතර ඔවු­න්ගෙන් බහු­ත­ර­යක් වෘත්ති­කයෝ සහ සිසු­හුය. නේවා­සික දූත මණ්ඩ­ල­යක් විවෘත කිරීම ප්‍රජාව වෙත ළඟා වීමට සහ වෙළෙඳ, අධ්‍යා­ප­නය, ක්‍රීඩා, විද්‍යා සහ තාක්ෂණ, සංචා­රක සහ සෞඛ්‍ය යන ක්ෂේත්‍ර­වල ශක්ති­මත් සහ­යෝ­ගී­තා­ව­යක් ඇති කර­ගැ­නී­මට පහ­සු­කම් සල­සයි.

නව­සී­ල­න්තය 2021 වස­රේදී ශ්‍රී ලංකාවේ නේවා­සික දූත මණ්ඩ­ල­යක් විවෘත කරන ලද අතර, එය දෙරට අතර ද්විපා­ර්ශ්වික සබ­ඳ­තා­වල වැද­ගත් සන්ධි­ස්ථා­න­යක් බවද විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය පෙන්වා දෙයි.

මහින්ද අලු­ත්ගෙ­දර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT