Home » බාර් එකේ කවු­න්ට­රය උඩ අම­තක වුණු පසු­ම්බිය ගොළු තරු­ණ­යකු අරන් ගිහින්

බාර් එකේ කවු­න්ට­රය උඩ අම­තක වුණු පසු­ම්බිය ගොළු තරු­ණ­යකු අරන් ගිහින්

උසා­වි­යේදී අයි­ති­ක­රුට සල්ලි දෙන්න පොරොන්දු වෙලා

by damith
April 20, 2024 1:17 am 0 comment

කටු­ග­ස්තොට නග­රයේ මත්පැන් අලෙ­වි­ස­ලක කවු­න්ට­රය මත අම­තක වීම­කින් දමා­ගොස් තිබුණු මුදල් පසු­ම්බි­යක් සොරා­ගත් ගොළු තරු­ණ­යෙක් අත්අ­ඩං­ගු­වට ගත් පොලිස් නිල­ධා­රීන් එම තරු­ණයා අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මෙන් පසු පසු­ම්බියේ තිබුණු මුදල එහි හිමි­ක­රුට ලබා දීමට පොරොන්දු වී තිබේ.

විදේශ රටක සිට මෙර­ටට පැමිණි පුද්ග­ල­යෙක් කටු­ග­ස්තොට නග­රයේ පිහිටි මත්පැන් අලෙ­වි­ස­ල­කින් මත්පැන් මිලදී ගෙන ඔහුට අයත් මුදල් පසු­ම්බිය මත්පැ­න්හලේ කවු­න්ට­රය මත අම­ත­කව දමා ගොස් තිබිණ. පසුව ඔහු සතුව තිබුණු මුදල් පසු­ම්බිය අස්ථාන ගතව ඇති බව දැන­ගත් මෙම පුද්ග­ලයා මත්පැ­න්හ­ලට පැමිණ මුදල් පසු­ම්බිය සොයා ඇති අතර, එය එහි නොමැති බව දැන­ගෙන ඒ සම්බ­න්ධව කටු­ග­ස්තොට පොලි­සිය වෙත පැමි­ණිලි කර ඇත. ඒ අනුව විම­ර්ශන ආරම්භ කළ කටු­ග­ස්තොට පොලි­සියේ විවිධ පැමි­ණිලි අංශයේ නිල­ධා­රීන් මත්පැන් අලෙ­වි­සලේ සවි­කර තිබෙන ආර­ක්ෂිත කැමරා පරී­ක්ෂා­වට ලක් කර තිබේ. එසේ පරී­ක්ෂා­වට ලක්කි­රී­මේදි යම්කිසි පුද්ග­ල­යෙක් කවු­න්ට­රය මත තිබුණු මුදල් පසු­ම්බිය සොරා­ගන්නා අයුරු නිරී­ක්ෂ­ණය වී ඇති අතර, එම පුද්ග­ලයා අසල සිටි තවත් අයෙක් ඔහු සමඟ හස්ත මුද්‍රා­වෙන් කතා කරන අයුරු ද නිරී­ක්ෂ­ණය වී තිබේ. ඉන්පසු මුදල් පසු­ම්බිය සොරා­ගත් පුද්ග­ලයා ගැන විම­ර්ශ­නය කළ පොලිස් නිල­ධා­රීන් එම පුද්ග­ලයා කටු­ග­ස්තොට උඩ­ත­ල­වින්න ප්‍රදේ­ශ­යේදී අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

මෙසේ අත්අ­ඩං­ගු­වට ගත් පුද්ග­ලයා ගොළු අයකු වන අතර, ඔහු සමඟ මත්පැන් හලේදී කතා­බහ කර­මින් සිටි පුද්ග­ලයා ද ගොළු තරු­ණ­යකු බවට අනා­ව­ර­ණය කර­ගෙන ඇත. සැක­කාර ගොළු තරු­ණයා පෙරේදා (18) මහ­නු­වර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය වෙත ඉදි­රි­පත් කිරී­මෙන් පසු සොරා­ගත් පසු­ම්බියේ තිබුණු රුපි­යල් 20,000ක මුදල එහි හිමි­ක­රුට ලබා දීමට පොරොන්දු වී ඇත. කටු­ග­ස්තොට පොලි­සියේ විවිධ පැමි­ණිලි අංශයේ ස්ථානා­ධි­පති ප්‍ර.පො.ප. කුල­සේන, පො.සැ. (47088) අම­ර­කෝන් ඇතුළු පිරි­සක් සැක­කරු අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ.

කටු­ග­ස්තොට සමූහ - එස්.ජී. විජේ­රත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT