Home » පාසල් සත් සා­මා­ජික රග්බි අද-හෙට‍

පාසල් සත් සා­මා­ජික රග්බි අද-හෙට‍

by damith
April 20, 2024 1:17 am 0 comment

පාසල් රග්බි සංග­මය සංවි­ධාන කරන අවු­රුදු 19න් පහළ සත් සාමා­ජික රග්බි තර­ගා­ව­ලිය අද (20) සහ හෙට (21) දෙදින කොළඹ රාජ­කීය විදු­හල් ක්‍රීඩා සංකී­ර්ණ­යේදී පැවැත්වේ.

මෙහිදී කණ්ඩා­යම් 19ක් ‘ඒ’ සිට ‘එච්’ ලෙස කාණ්ඩ 8කින් තරග වදින අතර, මේ තර­ගා­ව­ලි­යට වත්මන් ශූර කොළඹ ඉසි­ප­තන විදු­හල සමඟ බම්බ­ල­පි­ටිය සාන්ත පීතර, කොළඹ රාජ­කීය, මහ­නු­වර විද්‍යාර්ථ, මහ­නු­වර ධර්ම­රාජ, ගල්කිස්ස විද්‍යා, මොර­ටුව වේල්ස් කුමර, පිළි­ය­න්දල මධ්‍ය විදු­හල, කොළඹ ලුම්බිණි, කුරු­ණෑ­ගල මලි­ය­දේව, කොළඹ ආනන්ද, කොට­හේන සාන්ත බෙන­ඩික්ට්, කොළඹ කේරි, ගාල්ල සාන්ත ඇලෝ­සි­යස්, පාණ­දුර ශ්‍රී සුමං­ගල, කටු­ග­ස්තොට ශ්‍රී රාහුල, ගාල්ල රිච්මන්ඩ්, කොළඹ නාලන්දා සහ පාදුක්ක සිරි පිය­රත්න විදු­හල් එක්ව සිටී. මූලික වටයේ තරග ලීග් ක්‍රම­යට පැවැ­ත්වෙන අතර, සෑම කාණ්ඩ­ය­කින්ම කණ්ඩා­යම් දෙක බැගින් දෙවැනි වට­යට එක් වෙයි. එම තරග පිළි­ම­ළුන් පිටු දැකීමේ ක්‍රම­යට පැවැත්වේ.

මූලික වට­යේදී ඉසි­ප­තන සහ සාන්ත බෙන­ඩික්ට් ‘ඒ’ කාණ්ඩ­යෙන් තරග වදින අතර, වේල්ස් කුමර සහ ශ්‍රී සුමං­ගල ‘බී’ කාණ්ඩ­යෙන්, ධර්ම­රාජ සහ ආනන්ද ‘සී’ කාණ්ඩ­යෙන්, රාජ­කීය, නාලන්දා සහ කේරී ‘ඩී’ කාණ්ඩ­යෙන්, ‘ඊ’ කාණ්ඩ­යෙන් විද්‍යා, ලුම්බිණි සහ රිච්මන්ඩ් තරග වැදී­මට නිය­මි­තය.

පිළි­ය­න්දල මැදි විදු­හල, සාන්ත ඇලෝ­සි­යස් සහ සිරි පිය­ර­තන ‘එෆ්’ කාණ්ඩ­යෙන්, විද්‍යාර්ථ සහ ශ්‍රී රාහුල ‘ජී’ කාණ්ඩ­යෙන් සහ සාන්ත පීතර සමඟ මලි­ය­දේව ‘එච්’ කාණ්ඩ­යෙන් තරග බිමට පිවි­සෙයි.

මේ තර­ගා­ව­ලිය ඩය­ලොග් ආසි­යාටා සමා­ගමේ අනු­ග්‍ර­හ­යෙන් පැවැත්වේ.

­නි­රෝ­ෂාන් ප්‍රියං­කර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT