Home » රොනා­ල්ඩෝගේ හිඟ වැටුප් කෝටි 302ක් ගෙවී­මට අධි­ක­රණ නියෝ­ග­යක්

රොනා­ල්ඩෝගේ හිඟ වැටුප් කෝටි 302ක් ගෙවී­මට අධි­ක­රණ නියෝ­ග­යක්

by damith
April 20, 2024 1:16 am 0 comment

ලොව සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටි­යානෝ රොනා­ල්ඩෝට වැටුප් ලෙස ගෙවිය යුතු අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 10.5ක (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 302) මුදල වහාම ගෙවා දමන ලෙස ඔහු ක්‍රීඩා කළ ඉතා­ලියේ ජුවෙ­න්ටස් ක්‍රීඩා සමා­ජ­යට අධි­ක­රණ නියෝ­ග­යක් ලැබෙයි.

39 හැවි­රිදි රොනාල්ඩෝ 2020-21 තර­ග­වා­ර­යේදී කොරෝනා වසං­ග­තය හේතු­වෙන් ඉතා­ලියේ පාපන්දු ක්‍රීඩාව නතර කළ විට වැටුප් ගෙවීම ජුවෙ­න්ටස් ක්‍රීඩා සමා­ජය කල් දැමීය.

ක්‍රිස්ටි­යානෝ රොනාල්ඩෝ කියා සිටියේ ජුවෙ­න්ටස් ක්‍රීඩා සමා­ජය අමෙ­රි­කානු ඩොලර් මිලි­යන 21කට වඩා (ශ්‍රී ලංකා රුපි­යල් කෝටි 604ක්) ණය වී ඇතත්, බේරු­ම්ක­රණ උසා­විය බදු සහ අනෙ­කුත් අඩු කිරී­ම්ව­ලින් පසු ගෙවිය යුතු මුදල තීර­ණය කොට ඇති බවය.

රොනාල්ඩෝ 2018-2021 කාලය අත­ර­තු­රදී ජුවෙ­න්ටස් සමඟ ඉතා­ලියේ වාර තුනක් ක්‍රීඩා කළ අතර, එහිදී ශූරතා දෙකක් දිනා ගැනී­මට කැප­විය.

ඉතා­ලියේ ජුවෙ­න්ටස් ක්‍රීඩා සමා­ජ­යෙන් ඉවත්වී ඔහු මැන්චෙ­ස්ටර් යුන­යි­ටඩ් සමඟ එක්වූ අතර, අන­තු­රුව සවුදි අරා­බියේ අල්-නස්ර් ක්‍රීඩා සමා­ජ­යට ක්‍රීඩා කර­මින් සිටී.

පස් වතා­වක් ලොව හොඳම පාපන්දු ක්‍රීඩ­ක­යාට පිරි­න­මන සම්මා­නය දිනා­ගත් රොනාල්ඩෝ අමෙ­රි­කානු ව්‍යාපා­රික සඟ­රා­වක් වන ෆෝබ්ස් විසින් 2023 දී ලොව වැඩිම වැටුප් ලබන ක්‍රීඩ­කයා ලෙස ශ්‍රේණි­ගත කරන ලදි.

ජුවෙ­න්ටස් ක්‍රීඩා සමා­ජය පෙරේදා දින ප්‍රකා­ශ­යක් නිකුත් කර­මින් කියා සිටියේ තම නීති උප­දේ­ශ­ක­යන්ගේ සහාය ඇතිව බේරු­ම්ක­රණ අධි­ක­ර­ණය විසින් ලබා­දෙන ලද හිඟ වැටුප් ගෙවීමේ තීර­ණය සමා­ලෝ­ච­නය කර­මින් සිටින බවයි.

ප්‍රින්ස් ගුණ­සේ­කර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT