Home » සිය­ඹ­ලා­ණ්ඩුව වොලි­බෝල් ජය අභි­මන් ක්‍රීඩා සමා­ජ­යට

සිය­ඹ­ලා­ණ්ඩුව වොලි­බෝල් ජය අභි­මන් ක්‍රීඩා සමා­ජ­යට

by damith
April 20, 2024 1:12 am 0 comment

සිය­ඹ­ලා­ණ්ඩුව ප්‍රාදේ­ශීය ලේකම් කොට්ඨා­සයේ ග්‍රාමීය තරුණ තරු­ණි­යන් ක්‍රීඩා­වට යොමු කිරීමේ අර­මු­ණෙන් සිය­ඹ­ලා­ණ්ඩුව පොලි­සිය සංවි­ධාන කළ පිරිමි කාන්තා වොලි­බෝල් තර­ගා­ව­ලිය සිය­ඹ­ලා­ණ්ඩුව අම්පාර පාර 03 කණුව මහ­ජන ක්‍රීඩාං­ග­ණ­යේදී පැවැ­ත්විණි.

මෙහිදී පිරිමි කණ්ඩා­යම් 11ක් සහ කාන්තා කණ්ඩා­යම් 8ක් තර­ගා­ව­ලි­යට එක්වූ අතර, එහි ශූරතා ද්විත්ව­යම දිනා ගැනී­මට සිය­ඹ­ලා­ණ්ඩුව අභි­මන් ක්‍රීඩා සමා­ජයේ කණ්ඩා­යම් සමත් විය.

සිය­ඹ­ලා­ණ්ඩුව පොලිස් ස්ථානා­ධි­පති රවීන්ද්‍ර හේරත් මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සංවි­ධාන කළ මේ තර­ගා­ව­ලියේ ජය සංකේත ප්‍රදා­නය මොන­රා­ගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කාරී බුද්ධි උඩු­ග­ම­සූ­රිය මහතා අතින් සිදු කෙරිණි.

ඌව වෙල්ලස්ස විශේෂ - ඩී.එස්. ගුණ­ති­ලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT