Home » කරච්චි නුවර මරා­ගෙන මැරෙන බෝම්බ ප්‍රහා­ර­යක්­

කරච්චි නුවර මරා­ගෙන මැරෙන බෝම්බ ප්‍රහා­ර­යක්­

ජපාන ජාති­කයෝ නූලෙන් බේරෙති

by damith
April 20, 2024 1:11 am 0 comment

දකුණු පාකි­ස්තා­නයේ කරච්චි නුවර ජපන් මෝටර් රථ සේව­ක­යන් රැගත් වෑන් රථ­යක් ඉලක්ක කර­මින් සිදුවූ මරා­ගෙන මැරෙන බෝම්බ ප්‍රහා­ර­යක් සිදු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බෝම්බ­කරු විසින් ඔහු හැඳ සිටි පුපු­රණ ද්‍රව්‍ය අඩංගු කබාය පුපු­රුවා හැර ඇති අතර, වෑන් රථයේ සිටි ජපාන ජාති­ක­යන් පස්දෙනා දිවි බේරා ගැනී­මට සමත් වූ බවත් වැඩි­දු­ර­ටත් වාර්තා වේ. කරච්චි නුවර සුසුකි මෝටර්ස් සමා­ගමේ සේවයේ නිර­තව සිටින එම ජපාන ජාති­ක­යන්ට කිසිදු තුවා­ල­යක් සිදු නොවූ බව කරච්චි පොලි­සිය තහ­වුරු කර ඇති අතර, තුවාල ලැබූ තිදෙනා රෝහ­ල්ගත කර ඇතැයි වාර්තා වේ.

පාකි­ස්තා­නයේ විවිධ චීන අර­මු­දල් යටතේ සහ වෙනත් ව්‍යාපෘ­ති­වල සේවය කරන විදේ­ශි­ක­යන්ට ප්‍රහාර එල්ල වන බවට වාර්තා වීමෙන් පසු ආර­ක්ෂක නිල­ධා­රීන් දෙදෙ­නකු එම වෙඩි නොව­දින වෑන් රථයේ ගමන් කර ඇතැයි ද වාර්තා වේ. පොලි­සිය සඳ­හන් කර ඇත්තේ යතු­රු­පැ­දි­ය­කින් පැමිණි බෝම්බ­කරු සිය කබාය ගලවා පුපු­රුවා හැර ඇති බවය. යතුරුපැදියේ පැමිණි තවත් පුද්ග­ල­යකු පලා යමින් සිටි­යදි පොලි­සිය තැබූ වෙඩි පහ­ර­කින් ජීවි­ත­ක්ෂ­යට පත් වී ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT