Home » කතරගම දේවාලයෙන් විදෙස් සංචාරකයන්ට සංස්කෘතික සංදර්ශන

කතරගම දේවාලයෙන් විදෙස් සංචාරකයන්ට සංස්කෘතික සංදර්ශන

by sachintha
April 22, 2024 1:19 am 0 comment

කතරගම පුරවරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් සඳහා නැවුම් ආස්වාදයක් ලබා දීම පිණිස දේශීය සංස්කෘතික අංග එක් කර විශේෂ වැඩසටහනක් පසුගිය 19 වැනි දින සිට ආරම්භ කරන ඇත.

රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතාගේ සංකල්පයක් මත දකුණු පළාතේ සහ ඌව පළාතට අයත් සංස්කෘතික අංග එක් කර සෑම සතියකම සිකුරාදා මෙම සංස්කෘතික වැඩ සටහන අඛණ්ඩව සිදු කිරීමට කතරගම දේවාලය මඟින් කටයුතු සිදු කර තිබේ.

මෙහි ආරම්භක අවස්ථාව 19 වැනි දින රාත්‍රී කතරගම මැණික් ගඟ ඉවුරේ අංක 02 පාලම අසල දී සිදු කෙරිණි. මෙහි ආරම්භක අවස්ථාව සඳහා හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ රංග කලංසූරිය මහතා ප්‍රමුඛ කතරගම ජනයා හා විදෙස් සංචාරකයන් මෙන්ම කතරගම වැඳ පුදා ගැනීමට පැමිණි දේශීය බැතිමතුන් රැසක් ද එක් වී සිටියහ.

කතරගම කේ.ඩී. දේවප්‍රිය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT