Home » හැටන් නගරයට තද වැසි නිවාස සහ වෙළෙඳසල් රැසක් යට වෙයි

හැටන් නගරයට තද වැසි නිවාස සහ වෙළෙඳසල් රැසක් යට වෙයි

by sachintha
April 22, 2024 1:20 am 0 comment

හැටන් නගරයට පෙරේදා (20) පස්වරුවේ පැයකට ආසන්න කාලයක් ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ පිහිටි එම්.ආර්. කඩවීදිය ප්‍රදේශයේ නිවාස සහ වෙළෙඳසල් රැසක් ජලයෙන් යට වීම නිසා එම නිවාසවල පදිංචිකරුවෝ සහ ව්‍යාපාරිකයෝ පීඩාවට පත් වී සිටියහ.

ඇද හැලුණු අධික වර්ෂාවත් සමඟ හැටන් නගරයේ සිට කාසල්රී ජලාශයට ජලය ගලා යන දික්ඔය ඇළට ජලය ගලා බසින බොක්කු පද්ධති කිහිපයක් නගරයේ ස්ථාන කිහිපයකින් අවහිර වීම නිසා වැසි ජලය නිවාසවලට සහ වෙළෙඳ සල්වලට කාන්දු වී ඇත.

හැටන් රංජිත් රාජපක්ෂ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT