Home » ශ්‍රී නාගපූෂණී අම්මාන් කෝවිලේ ප්‍රධාන පූසාරි පණ්ඩිත් මුතුකුමාරසාමි මියයයි

ශ්‍රී නාගපූෂණී අම්මාන් කෝවිලේ ප්‍රධාන පූසාරි පණ්ඩිත් මුතුකුමාරසාමි මියයයි

by sachintha
April 22, 2024 1:21 am 0 comment

යාපනයේ නාගදීප ශ්‍රී නාගපූෂණී අම්මාන් කෝවිලේ ප්‍රධාන කුරුක්කල් පණ්ඩිත් සිවශ්‍රී වයි.එම්. පරමසාමිකුරුකුල මුතුකුමාරසාමි පූසාරිවරයා පෙරේදා (20) මියගොස් තිබේ. ශ්‍රී නාගපූෂණී අම්මාන් කෝවිලක් ශ්‍රී ලංකාවේ පිහිටා ඇති එකම ස්ථනය වන්නේ නාගදීප දිවයිනයි. එහි වසර ගණනාවක් ප්‍රධාන කුරුක්කල් ධුරය හෙබ වූ පූසාරිවරයා මියයන විට වයස අවුරුදු 76ක් වූ අතර ඔහු සිවගම් සම්මතයන් පිළිබඳ මනා දැනුමක් ඇති ජ්‍යෙෂ්ඨ වෛදික පඬිවරයකු හා ඉන්දියාවේ ගුරුකුල අධ්‍යාපනය සහ උපාධිය සම්පූර්ණ කර තිබූ අයකු විය. ප්‍රධාන පූසාරිවරයාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට නගදීප රජමහ විහාරාධිපති නවදගල පදුමකිත්ති ස්වාමීන් වහන්සේ ඇතුළු තවත් ආගම් රැසක ප්‍රධානීහු පැමිණ සිටියහ. පූසාරිවරයාගේ අවසන් කටයුතු ඊයේ (21) සවස යාපනයේ කෝපායි පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT