Home » සංගීතය බලා ගෙදර ආ සිසුවා යතුරුපැදියක ගැටී මරුට

සංගීතය බලා ගෙදර ආ සිසුවා යතුරුපැදියක ගැටී මරුට

by sachintha
April 22, 2024 1:21 am 0 comment

සංගීත සංදර්ශනයක් නැරැඹීමට ගොස් සිය නිවෙස බලා එමින් සිටි කතරගම 18 හැවිරිදි පාසල් සිසුවකු යතුරුපැදියක ගැටී මිය ගොස් තිබේ.‍ ඉකුත් 19 වැනි දින රාත්‍රී කතරගම ගම්උදා පිටියේ පැවති සංගීත සංදර්ශනයක් නැරැඹීමට ගොස් එය අවසන් වූ පසුව මිය ගිය තරුණයා සහ තවත් තරුණයන් පිරිසක් නිවෙස වෙත එමින් සිටි අවස්ථාවේ කතරගම රජමාවතේ ගම්උදාව හංදියේ දී මෙම අනතුර සිදුව තිබේ. මෙහිදී මිය ගොස් ඇත්තේ කතරගම වල්ලිමාතාගම පදිංචිව සිටි රණසිංහ ආරච්චිගේ රවිදු (18) නමති සිසු‍ෙවකි. මිය ගිය සිසුවා කතරගම ජාතික පාසලේ උසස් පෙළ අධ්‍යාපනය හදරමින් සිටි අයෙකි. මෙම අනතුරින් ඒ අවස්ථාවේදී පා ගමනින් මියගිය සිසුවා සමඟ තරුණයන් හතරදෙනකු ගමන් කර ඇති අතර තවත් තරුණයකු තුවාල ලබා රෝහල් ගත කර ඇත. යතුරු පැදියෙන් පැමිණි තරුණයාද තුවාල ලබා කතරගම රෝහලට ඇතුළත් කර ඇත. හිසට ඇතිවූ තුවාල හේතුවෙන් මෙම සිසුවා මිය ගොස් ඇති බව වෛද්‍ය පරීකණෙයේ දී අනාවරණය වී ඇති බව කතරගම පොලිසිය පවසයි. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.

කතරගම සංචාරක කේ.ඩී. දේවප්‍රිය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT