Home » කොරකහයායේ ඉඩමක නිදන් සෙවූ ඉඩම් හිමිකරු ඇතුළු 3ක් දැලේ

කොරකහයායේ ඉඩමක නිදන් සෙවූ ඉඩම් හිමිකරු ඇතුළු 3ක් දැලේ

by sachintha
April 24, 2024 1:49 am 0 comment

මහකුඹුක්කඩවල කොරකහයාය ප්‍රදේශයේ ඉඩමක නිදන් සෙවීමේ අරමුණින් කැනීම් කරමින් සිටි ඉඩමේ හිමිකරු ඇතුළු තිදෙනකු සමඟ නිදන් කැනීමට යොදා ගත් උපකරණ, බුලත් මල් යහන් තට්ටු ඇතුළු දෑ අත්අඩංගුවට ගත් බව මහකුඹුක්කඩවල පොලිසිය පැවසීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහකුඹුක්කඩවල කොරකහයාය පදිංචි ඉඩමේ හිමිකරු බව කියන 29 හැවිරිදි අවිවාහක තරුණයකු සමඟ වල්පාළුව හා මහනුවර අලකොළදෙනිය පදිංචිකරුවකු ඇතුළු තිදෙනෙකි. මෙම ඉඩමේ හිමිකරු සමඟ අනෙක් සැකකරුවන් මාස දෙකකට ආසන්න කාලයක් වගා කටයුතු සඳහා ළිඳක් කපන බව අඟවමින් අඩි 60කට වැඩි ගැඹුරකින් යුත් ළිඳක් කපමින් නිදන් සොයමින් මෙම කැනීම කර ඇති බව පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී ඇතැයි මහකුඹුක්කඩවල පොලිසිය පැවසීය.

ලැබුණු තොරතුරක් අනුව අදාළ වැටලීම සිදු කළ අවස්ථාවේදී ද මෙම සැකකරුවන් නිදන් සෙවීමේ අරමුණින් කැණීම් කරමින් සිටි බව පොලිස් නිලධාරීහු පැවසූහ.

පුත්තලම අතිරේක – හිරාන් ප්‍රියංකර ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT