Home » යතුරුපැදි මන්න කල්ලිය මාසයකදී පොලිස් වසම් 15ක රන්මාල කොල්ලකෑම් 40ක් කරලා

යතුරුපැදි මන්න කල්ලිය මාසයකදී පොලිස් වසම් 15ක රන්මාල කොල්ලකෑම් 40ක් කරලා

by sachintha
April 24, 2024 1:58 am 0 comment

කොල්ලකන යතුරුපැදිවලින් විවිධ ප්‍රදේශවල සැරිසරමින් මහ මඟ ගමන් ගන්නා කාන්තාවන් සහ පිරිමි පුද්ගලයන්ගේ ගෙලට මන්න පිහි තබා රන් භාණ්ඩ කොල්ලකන පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙතෙක් අසමත්ව ඇතැයි ජනතාව චෝදනා කරති.

එම කොල්ලකරුවන් දෙදෙනා විසින් මාසයක පමණ කාලයක සිට මොරගහහේන, කැස්බෑව, පිළියන්දල, බොරලැස්ගමුව, මහරගම, හෝමාගම, කහතුඩුව, කඩුවෙල, තෙබුවන, ඉංගිරිය, අඟුරුවාතොට, බණ්ඩාරගම හා මිල්ලනිය පොලිස් වසම්වල රන්මාල, අත්පළඳනා, මුදු ආදිය කොල්ලකෑම සම්බන්ධයෙන් පොලිසිවලට පැමිණිලි 40කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

කොල්ලකෑ දේපළවල වටිනාකම රුපියල් ලක්ෂ ගණනාවක් වේ.

කොල්ලකරුවන් දෙදෙනා සමහර පුද්ගලයන් දණගස්සවා ගෙලට මන්නා පිහි තබා රන් භාණ්ඩ සහ යතුරුපැදි කොල්ලකා ඇතැයි ද දැන ගන්නට ඇත.

එක් යතුරු පැදියක් කොල්ලකෑමෙන් අනතුරුව එයින් කොල්ලකෑම් කිහිපයක් සිදුකර තවත් යතුරුපැදියක් කොල්ලකා පෙර යතුරුපැදිය අතහැර පලායාම කොල්ලකරුවන් විසින් සිදුකරන ලදැයි පොලිසිය සඳහන් කරයි.

කොල්ලකරුවන්ගෙන් ග්‍රහණය විශ්‍රාමික පොලිස් නිලධාරීන් ගුරුවරියන්, ව්‍යාපාරිකයන් ආදී වෘත්තීන්වල යෙදෙන්නත් හසු වී ඇතැයි ද දැන ගන්නට ඇත.

යුක්තියේ මෙහෙයුම සතර දිග්භාගයේම ක්‍රියාත්මකව ඇතත් කොල්ලකරුවන් රිසිසේ තම කොල්ලකෑම් සිදු කරනු ඇතැයි ද ජනතාව තවදුරටත් චෝදනා කරති.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT