Home » පාකිස්තානය IMF වෙතින් දිගු කාලීන ණයක් ඉල්ලයි

පාකිස්තානය IMF වෙතින් දිගු කාලීන ණයක් ඉල්ලයි

by mahesh
April 25, 2024 1:00 am 0 comment

දැඩි ආර්ථික අර්බුදයකට මැදි වී සිටින පාකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් දිගු කාලීන ණය මුදලක් අපේක්ෂාවෙන් සිටින බවත්, එම ණය මුදල සම්බන්ධව ලබන ජූනි හෝ ජූලි මාසයේදී කාර්ය මණ්ඩල එකඟතාවකට පැමිණෙනු ඇති බවත් පාකිස්තාන මුදල් ඇමැති මුහම්මඩ් අවුරංසාබ් ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දැනටමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පාකිස්තානයට අමෙරිකානු ඩොලර් බිලියන 3ක ණය මුදලක් ලබාදීමට කටයුතු කර ඇතැයි ද, එහි තුන්වැනි හා අවසන් වාරිකය වන ඩොලර් බිලියන 1.1ක ණය මුදල මේ මස අගභාගයේදී පාකිස්තානයට ලැබීමට නියමිතව ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

පාකිස්තාන මුදල් ඇමැතිවරයා ඇතුළු කණ්ඩායමක් පසුගියදා අමෙරිකාවේ වොෂින්ටන් නුවර පැවැති ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රැස්වීමකට සහභාගි වී ඇති අතර, එහිදී පාකිස්තාන මුදල් ඇමැතිවරයා ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානීන් සමඟ සාකච්ඡා පවත්වා ඇතැයි ද වාර්තා වේ. නවතම ණය මුදල සම්බන්ධ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ එම අවස්ථාවේදී බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT