Home » පාස්කු ප්‍රහාරයේ නියම මහ මොළකරුවා සොයාගෙන දඬුවම් ලබා දිය යුතුයි

පාස්කු ප්‍රහාරයේ නියම මහ මොළකරුවා සොයාගෙන දඬුවම් ලබා දිය යුතුයි

by mahesh
April 25, 2024 1:00 am 0 comment

පාස්කු ප්‍රහාරයේ නියම මහ මොළකරුවා සොයාගෙන දඬුවම් ලබා දිය යුතු බව සමගි ජනබලවේගයේ පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රි නිරෝෂන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) පැවසීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමින් මන්ත්‍රිවරයා මේ බව පැවසීය.

මන්ත්‍රීවරයා මෙසේ ද පැවැසුවේය.

සහරාන් ඇතුළු ප්‍රහාරක කල්ලිය සම්බන්ධයෙන් නඩු ඉදිරියට ගෙන ගොස් තිබෙනවා. මෙරට ප්‍රධාන පෙළේ හෝටල්වල සිටින පුද්ගලයන්ගේ ලැයිස්තුවක් දිනපතා ජනාධිපති ආරක්ෂක අංශයට සහ බුද්ධි අංශයට ලබාදිය යුතුයි. එසේ වූවානම් මේ ප්‍රහාර අපට වළක්වා ගැනීමට හැකි වෙනවා. මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා මේ සම්බන්ධයෙන් සොයා බැලිය යුතුයි. සොනික් සොනික් ගැන ප්‍රශ්නයක් තිබෙනවා. පොඩි සහරාන් ඔහු කියලා තිබෙනවා. ඒ බුද්ධි නිලධාරියා මේ සිද්ධිය සම්බන්ධයෙන් කෙසේ කටයුතු කළේ ද කියලා සෙවිය යුතුයි. හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා මේ සම්බන්ධයෙන් සොයා බැලීමට කොමිසමක් පත් කළා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කර විමර්ශන කළ යුතු බවට ප්‍රකාශ වුණා. අන්තවාදී, ආගම්වාදී හැඟීමකින් මේ ප්‍රහාරය එල්ල කළා. රජයේ ඇතැම් පිරිස් අද කටයුතු කරන්නේ හැමදාමත් බලයේ ඉන්නවා කියලා හිතාගෙන. එම ආකල්ප වෙනස් වෙන්න ඕනෑ.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT