Home » මිය ගිය වන අලියා වෙනුවෙන් ගම්වාසීන්ගේ අවසන් ගෞරවය

මිය ගිය වන අලියා වෙනුවෙන් ගම්වාසීන්ගේ අවසන් ගෞරවය

by yasara
April 25, 2024 9:29 am 0 comment

පාද ආශ‍්‍රිතව හටගත් රෝගි තත්වයක් හේතුවෙන් අසාධ්‍යව සිට ඉකුත් 23 වෙනි දින සවස හසලක අඹගොල්ල ග‍්‍රාමනිලධාරි වසමේ උල්පත රක්ෂිතය ආසන්නයේදි ඉතා අවාසනාවන්ත අන්දමින් මිය ගිය වන අලියාගේ අවසන් කටයුතු ඊයේ (24)  දහවල් ආගමානුකූලව සිදුකෙරුණි.

උල්පතගම, 14ඇල, ශ‍්‍රී සුදර්ශනාරාම විහාරාධිපති කෙවුල්ගම විමලරතන හිමියන් ප‍්‍රමුඛ මහා සංඝරත්නයේ සහ හසලක වනජිවි අඩවි ආරක්ෂක ඩබ්ලිව්. එම්. මහින්ද විජයසිංහ මහතා ප‍්‍රමුඛ නිලධාරින් හා ප‍්‍රදේශවාසින්ගේ සහභාගිත්වයෙන් මෙම ආගමික කටයුතු සිදුකරනු ලැබිය.

වයස අවුරුදු 40ක් පමණ වන මෙම මිය ගිය අලියාගේ පශ්චාත් මරණ පරික්ෂණය ගිරිතලේ වනජිවි කාර්යාලයේ පශූ වෛද්‍යවරයා විසින් සිදුකළ අතර මෙම මරණයට හේතුව ඉදිරිපස කකුලට සහ පිටුපස කකුලකට වෙඩි වැදිමකින් සිදුවු තුවාල කිහිපයක් කල්ගතව පැසවා ඒවා දැඩිසේ නරක්වි ආසාදනය වීම හේතුවෙන් සිදුවු මරණයක් බවට නිගමනය කළ බව හසලක වනජිවි අඩවි ආරක්ෂක ඩබ්ලිව්. එම්. මහින්ද විජයසිංහ මහතා පැවසීය.

මෙහිදි භික්ෂුන්වහන්සේ ඉදිරියේ මතක වස්ත‍්‍ර පුජා කර පැන්වඩා මියගිය අලියාට පින් අනුමෝදන් කර අලියා මිහිදන් කිරිමටද ගම්වාසින්ගේ සහයෝගයෙන් වනජීවි නිලධාරින් විසින් කටයුතු සංවිධානය කර තිබිණි.

මෙම ආගමික කටයතු කරන අවස්ථාවේදි ගැමි මාතාවන් කිප දෙනෙකුම දැඩි සංවේගයෙන් කඳුළු සළනු දැකගත හැකිවිය.

මෙම වන අලිය කලක සිටම ගම්මානය පැමිණිම පුරුද්දක් කරගෙන තිබුනත් එම සතාගෙන් කිසිවෙකුට කරදරයක් හිරිහැරයක් නොවු බවද මෙහිදි ගම්වාසිහු පැවසුහ.

මෙම ආගමික කටයුත්තට භික්ෂුන් වහන්සේ හත් නමක් වැඩම කරසිටිම සුවිශේෂි සිදුවිමක් බවද ප‍්‍රදේශවාසිහු සදහන් කරති.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT