Home » ලක්ෂ සියයක තහනම් දැල් කල්පිටියේ දී පොලිස් දැලේ

ලක්ෂ සියයක තහනම් දැල් කල්පිටියේ දී පොලිස් දැලේ

by yasara
April 25, 2024 10:41 am 0 comment

ලක්ෂ සියයක වැඩි වටිනාකමකින් යුතු ඉන්දියාවෙන් නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද,තහනම් තංගුස් දැල් කිලෝ 1870 ක්,ඒවා සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු ද සමගින් කල්පිටිය පොලිසිය විසින් 24 දින පස්වරුවේ අත් අඩංගුවට ගෙන ඇත.

කල්පිටිය නගරයේ කුලී පදනම මත ලබා ගත් කාමරයක උර 55 ක අසුරා තිබියදී මෙම තංගුස් තොගය සොයා ගෙන තිබිණි. සැක කරු මන්නාරම, එරුකලම්පිටිය,අංක 5 කොට්ටාශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකි.

මෙම වැටලීම පිළිබදව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තුමේන්තුවේ පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතාගෙන් විමසීමේ දී ඒ මහතා පැවසුවේ,1996 අංක දෙක ධීවර හා ජලජ සම්පත් පනතේ සහ 2011.11 21.ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ අති විශේෂ  ගැසට් පත්‍රයේ සදහන් පරිදි ඒක සුත්‍රීක වලින් නිමවූ තෙල්ගාර නූල් යොත් කැරලි කඹ වලින් ගැට ගසා නිමකළ දැල් රෙදිවලින් නිම කළ මාලු දැල් සන්තකයේ තබා ගැනීම,භාවිතා කිරීම,ආනයනය සහ ප්‍රවාහනය සපුරා තහනම් බව ය.

මෙම දැල් භාවිතය නිසා සාගර සහ කළපු පරිසර පද්ධතියටත්, මත්ස්‍ය හා ජලජ ප්‍රජාවටත් විශාල හානියක් සිදුවන බවත් ය. කල්පිටිය පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත සිරිලාල් එදිරිසිංහ මහතාට ලැබුණු තොරතුරකට අනුව ඒ මහතාගේ මෙහෙයවීමෙන් මෙම වැටලීම සිදු විය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT