Sunday, May 5, 2024
Home » ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

by chanaka
April 26, 2024 9:11 am 0 comment

ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් ජනතාව වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

මාර්ගගත වීසා අයදුම් කිරීමේදී http://www.immigration gov.lk වෙබ් අඩවියේ e visa සබැඳිය පමණක් භාවිත කරන ලෙස එම නිවේදනයෙන් දැනුම්දී ඇත.

ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වාදෙන්නේ http://www.srilankaevisa.lk වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවි වෙත පිවිස මුදල් ගෙවීමේ අවස්ථාවන් පවතින බවට තොරතුරු වාර්තා වී තිබෙන බවයි.

අප්‍රේල් මස 17 වනදා සිට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නව වීසා ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම හා නව මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති බව එම දෙපාර්තමේන්තුව සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කරයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT