Tuesday, May 14, 2024
Home » කොළඹ වරාය නගරයේ නිහොන්බෂි ජපන් අවන්හල ජනපති අතින් විවෘත වෙයි

කොළඹ වරාය නගරයේ නිහොන්බෂි ජපන් අවන්හල ජනපති අතින් විවෘත වෙයි

by sachintha
April 29, 2024 2:53 am 0 comment

කොළඹ වරාය නගර පරිශ්‍රයේ පිහිටුවන ලද “නිහොන්බෂි (Nihonbashi) ජපන් අවන්හල විවෘත කිරීම පසුගියදා ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

1995 වසරේ ගාලුමුවදොර ටෙරස්හි ආරම්භ කළ පළමු නිහොන්බෂි ජපන් අවන්හල මෙරට සුප්‍රසිද්ධ සූපවේදියකු වන දර්ශන මුනිදාස මහතා විසින් මෙරටට දායාද කරන ලද ප්‍රමුඛපෙළේ අවන්හලකි. ගතවුණු වසර 29ක් පුරාවට මෙම අවන්හල දෙස් විදෙස් සංචාරකයන් ඇතුළු මෙරට ජනතාවට ප්‍රණීත ජපන් ආහාර වේලක රස බැලීම සඳහා අවස්ථාව සලසා දී ඇත.

අවන්හල නිල වශයෙන් විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අතර පැමිණ සිටි පිරිස සමඟ සුහද කතාබහක ද නිරත විය.

එම අවස්ථාවට ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා ඇතුළු සම්භාවනීය ආරාධිතයෝ පිරිසක්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT