Home » අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම්වරියට කර්මාන්ත උපදේශක සභාවලින් ඇගයීමක්

අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම්වරියට කර්මාන්ත උපදේශක සභාවලින් ඇගයීමක්

by sachintha
April 29, 2024 1:55 am 0 comment

දහතුන් වසරක පාසල් අධ්‍යාපනය නිම කර සමාජගත වන දරුවන් කුසලතාවෙන් පිරිපුන් පිරිසක් බවට පත් කිරීමේ අධ්‍යාපන ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගත යුතු බවත්, ඒ සඳහා අධ්‍යාපන විෂය භාර බලධාරීහු කාර්මිකකරණය පිළිබඳව ද දැනුවත් භාවයකින් කටයුතු කළ යුතු බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නව ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය පැවැසුවාය.

කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස කටයුතු කරමින් විශාල සේවයක් ඉටුකළ තිලකා ජයසුන්දර මහත්මියට නව ධුරයේ වැඩ භාරගැනීමට පෙර සුබ පැතීමට කර්මාන්ත අමාත්‍යාංශයේ බොහෝ උපදේශක කාරක සභාවල සභාපතිවරුන් ඇතුළු නිලධාරීහු පියවර ගත්හ. ඒ අනුව තිලකා ජයසුන්දර මහත්මියට කර්මාන්ත උපදේශක සභා සභාපතිවරුන් වන ධම්මික

සමරවික්‍රම, අතුල සපුතන්ත්‍රි, කෞෂ්‍ය රාජපක්ෂ යන මහත්වරුන් සමරු තිළිණයක් දෙමින් සුබ පැතීය.

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT