Wednesday, May 15, 2024
Home » මිණිපුර බක්මහ උලෙළේදී අලියාට ඇස තැබීමට සැරසෙන ආශුබෝධ

මිණිපුර බක්මහ උලෙළේදී අලියාට ඇස තැබීමට සැරසෙන ආශුබෝධ

by sachintha
April 29, 2024 1:47 am 0 comment

මිනුවන්ගොඩ, ඇලිස්පාක් පිටියේ පෙරේදා (27) පැවති මිණිපුර බක්මහ උලෙළේදී අලියාට ඇස තැබීමේ තරග ඉසව්වට ජනාධිපති පාර්ලිමේන්තු කටයුතු උපදේශක ආශුබෝධ මාරසිංහ මහතා ද එක් විය.

ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු රැස්ව සිටි පිරිසගේ ඔල්වරසන් මැද ආශු මාරසිංහ මහතා අලියාට ඇස තැබීමට උත්සාහ කළ අතර, නියමිත ස්ථානයට ඉතාම ආසන්නයෙන් ඇස ලකුණු කිරීමට ඔහුට හැකි විය.

ඇමැති ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි මේ බක්මහ උලෙළ සංවිධාන කර තිබුණේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව, නගර සභාව සහ පොලිසිය, රාජ්‍ය ආයතන ඒකාබද්ධවයි. අලියාට ඇස තැබීමෙන් අනතුරුව තමා අසලට පැමිණි ආශු මාරසිංහ මහතාට ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා ‘ nice try’ කියා සුබ පැතුවේය.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT