Home » කරඳගොල්ල නායයාම පරීක්ෂා කරන්න කණ්ඩායමක් යනවා – ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණී ජයතිස්ස

කරඳගොල්ල නායයාම පරීක්ෂා කරන්න කණ්ඩායමක් යනවා – ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ආචාර්ය ගාමිණී ජයතිස්ස

by sachintha
April 29, 2024 1:37 am 0 comment

කරඳගොල්ල නායයාම ගැන පරීක්ෂා කිරීම සඳහා හෙට (30) හෝ අනිද්දා (01) තමන් ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට යන බවත් මෙම පරීක්ෂණ කටයුතු සඳහා සතියක පමණ කාලයක් ගතවනු ඇති බවත් ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ (නායයාම් පර්යේෂණ අංශය) ආචාර්ය ගාමිණී ජයතිස්ස මහතා පැවැසීය.

මෙම නායයාම හා උමා ඔය ව්‍යාපෘතිය අතර සම්බන්ධයක් තිබේදැයි කියා ප්‍රකාශයක් නිකුත් කිරීමට හැකියාව ඇත්තේ එම පරීක්ෂාවෙන් අනතුරුව බව ද ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා සඳහන් කළේය.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ගාමිනී ජයතිස්ස මහතා: කරඳගොල්ල ප්‍රදේශයේ සිදුවන නායයාම් තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා හෙට (30) හෝ අනිද්දා (01) එම ප්‍රදේශයට මම ඇතුළු කණ්ඩායම් ගණනාවක් යනවා. ඒ පිළිබඳ පරීක්ෂණ කිරීමට අවශ්‍ය උපකරණත් රැගෙන යනවා. පරීක්ෂා කිරීමෙන් අනතුරුව තමයි අපට මේ පිළිබඳ යම් නිගමනයකට එළඹිය හැක්කේ. මෙම නායයාම සහ උමා ඔය ව්‍යාපෘතිය අතර සම්බන්ධතාවක් තිබේදැයි පරීක්ෂාවක් කිරීමෙන් තොරව ප්‍රකාශ කරන්න බැහැ. මෙම පරීක්ෂණය සඳහා සතියක පමණ කාලයක් ගතවෙයි.

මේ අතර ඇල්ල වැල්ලවාය මාර්ගයේ කරදගොල්ල ප්‍රදේශයේ පසුගිය බ්‍රහස්පතින්දා අලුයම සක්‍රියවූ නායයෑම හා උමාඔය උමං මාර්ගය අතර යම් සම්බන්ධතාවක් පවතීද යන්න පිළිබඳ ජතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය විසින් පුළුල් අධ්‍යයනයක් ඉදිරි සතියේදී සිදු කිරීමට නියමිත බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා පවසයි.

උපාලි කරුණාරත්න, බදුල්ල – නිශාන්ත අබේගුණවර්ධන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT